Posted on 04.03.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩු විරෝධය මෙන්ම රාජපක්ෂ පවුලට එල්ල වන විරෝධය හමුවේ රට රාජපක්ෂ පවුලේ පිරිසක් විදේශගතවීමේ සූදානමක් සම්බන්ධ පසුගිය දිනවල කරුණු අනාවරණය විය.
අද දින වාර්තා වන ආකාරයට මහින්ද රාජපක්ෂ පවුලේ ඥාතීන් 09 දෙනෙකු ඊයේ (2) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී තිබේ.
මෙම පිරිස අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය, දරුවා ඇතුළු සමීපතම ඤාතීන් සිටිය බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.
මෙම පිරිස දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ඊයේ රාත්‍රී 08.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණි.
අවම නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් ගුවන් යානය දක්වා ඔවුන් කැඳවා ගෙන යන ලද අතර මෙම පිරිස විදේශගතවීම සම්බන්ධ පිළිබඳව තොරතුරු බාහිර පාර්ශව වෙත අනාවරණයවීම වළක්වා ගැනීමට කටයුතු සිදු කර තිබුණි.