Posted on 11.06.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2005 සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැර හා පීඩාවට පත් වූ මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතියදී තිබේ.
රාජපක්ෂ පාලනය යටතේ ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග, ධර්මරත්නම් සිවරාම් ඇතුළු මාධ්‍යෙව්දීන් 44ක් සිටිති. එසේම අතුරුදන් කළ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් හිරිහැරයට ලක් කළ කීත් නොයාර් , පෝද්දල ජයන්ත,නාමල් පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසක් වින්දිතයන් ලෙස සිටිති. අද දින ගැපිනට් අනුමැතිය ලැබීමේදී මාධ්‍යවේදීන් 78 දෙනෙකු වෙනුවෙන් එම වන්දි පිරිනැමීමට නියමිතය.
කෙසේවෙතත් 2015 ජනාධිපතිවරණ වේදිකාවේදී මාධ්‍යෙව්දීන් දඩයම් කළවුන්ට එරෙහිව යුක්තිය පසිඳලන්නට රනිල්-මෛත්‍රි පාලනය පොරොන්දු දුන් නමුත් කිසිදු සාධාරණ යුක්ති ක්‍රියාදාමයක් අවසන් කරන්නට පසුගිය වසර 5කට ආසන්න කාලය තුළ සමත්ව නැත. අවම වශයෙන් හිරිහැරයට ලක්වූ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් හා ඔවුන් මුහුණ දුන් බරපතළ අපරාධකාරී තත්වයන් අරභයා කිසිදු විධිමත් විමර්ශන ක්‍රමවේදයක් පවතින ආණ්ඩුව සිදුකර නැත. මෙවැනි පසුබිමක ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ එම මාධ්‍යවේදී පවුල්වලට වන්දි දෙන මුවාවෙන් මැතිවරණ අල්ලසක් දෙන්නට ආණ්ඩුව තීරණයකර තිබේ.
ඝාතනයට , පීඩාවන්ට හා හිරිහැරයන්ට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 15 දක්වා බැගින් වන්දි මුදලක් පිරිනැමීමට නියමිතය. මෙවර ජනාධිපතිවරණ වේදිකාවල ලබා දෙන පොරොන්දුවට දෙවැනි නොවන මෙම කැබිනට් තීරණය පරයමින් ගෝඨාභය රාජපක්ෂ වැඩි මුදලක් වන්දි ලබාදීමට තමන් කටයුතු කරන බව ප්‍රකාශ කළහොත් පුදුම විය යුතු නැත. මාධ්‍ය වේදින් වේවා, සාමාන්‍ය ජනයා වේවා ඝාතනයට හෝ හිරිහැරයට ලක්කර ඇත්නම් මුලින්ම ඒ පිළිබඳ වගකිව යුතු විමර්ශනයක් සිදුකර යුක්තිය ඉටු කිරීමත් ඉන් පසුව අවශ්‍යවන වන්දි ගෙවීම් ක්‍රියාවලියක් සිදුකිරීමත් සම්බන්ධ කිසිවකුගේ විරෝධයක් නැත. හිරිහැරයට පත් වූ මාධ්‍යවේදී පවුල් අද දක්වා ජීවත්වන්නේ මහත් පීඩාවන් අවමානයන් මැදය. ඒ වෙනුවට ජනාදිපතිවරණය ඉලක්ක කළ වන්දි ලබාදීම පිළිකුල් සහගත බව රාජපක්ෂ පාලනයෙන් මෙන්ම වත්මන් පාලනයෙන් හිරිහැරයට පත් වූ මාධ්‍යවේදීහු පවසති.