தமிழ்
English
Contact
Saturday 25th January 2020    
රාජපක්ෂ පාලනයේ අපරාධ සිදුවීම් තුනකට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විභාග! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජපක්ෂ පාලනයේ අපරාධ සිදුවීම් තුනකට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විභාග!



රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ පඅරාදමය අවස්ථා තුනකට අදාළ නඩු විභාග සඳහා
විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ තුනක් පත්කර ඇත.

රතුපස්වල ප‍්‍රදේශවාසීන්ගේ විරෝධතාවකට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීම, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීම සහ ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම යන සිද්ධීන් වලට අදාළ නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය විසින් මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු තුන ඊයේ (28) පත් කරන ලදී.

මෙම අපරාධ සිද්ධීන් විශේෂ අපරාධ සිද්ධීන් ලෙස සළකා එම නඩු  විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ පත් කරන ලෙස නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මීට පෙර අවස්ථාවක කරන ලද ඉල්ලීම් පිළිගනිමින් අදාළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ පත් කර ඇත.

රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බි‍්‍රගේඩියර්වරයකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධියට අදාළව යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා නිලධාරීන් 09 දෙනෙකුට එරෙහි තවත් නඩුවක් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයකින් විභාග කෙරේ.

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති,  ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම තුන්වැනි විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් සිදුවේ.

රාජපක්ෂ පාලනය යටතේ මෙම අපරාධ සම්බන්ධ චෝදනා 2015 ජනාධිපතිවරණයේ සිටම කල් අදිමින් ගිය බවට ආණ්ඩුවට චෝදනා එල්ල වී ඇති අතර එළමෙන ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි සඳහා මෙම නඩු ක්‍රියාත්මක වේදැයි කුතුහලයක් ජනිත කර ඇත. කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමති ලෙසත් මේ වනවිට ජනාධිපති අපේක්ෂකයකු ලෙස නම් කර ඇති ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්සක අමාත්‍යංශයේ ලේකම් ලෙසත් මෙම අපරාධ සම්බන්ධයෙන් නිසි පියවර නොගත්තේ ඔවුන් එම සිදුවීම්වලට වගකිව යුතු නිසා බවද නොසළකා හැරිය හැකි කරුණක් නොවේ.