தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
'රාජ්‍යතාන්ත්‍රික නැනෝ නයිට්‍රජන්' ගෙන්වීම ගැන මහින්දානන්දගේ බොරුවට පිළිතුරු දෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘රාජ්‍යතාන්ත්‍රික නැනෝ නයිට්‍රජන්’ ගෙන්වීම ගැන මහින්දානන්දගේ බොරුවට පිළිතුරු දෙයි



ඉන්දියානු තානාපති සමග සාකච්ඡා කර නැනෝ නයිට්‍රිජන් පොහොර රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයක් ඔස්සේ අඩුමිලට මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා කළ ප්‍රකාශය පුස්සක් බව අනාවරනය වේ.

ඇමතිවරයා පැවසූ ආකාරයට ඉන්දියානු තානාපතිවරයා සමග සාකච්ඡා කර රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයක් ඔස්සේ නැනෝ නයිට්‍රිජන් පොහොර මෙරටට ගෙන්වීමට හැකියාවක් නොමැති බවත් එම පොහොර මෙරටට ගෙන්විය හැක්කේ තම සමාගම හරහා පමණක්ම බවත් ඉන්දීය ඉෆ්කෝ සමාගමේ දේශීය නියෝජිත යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගමේ සභාපති මොහාන් පෙරේරා අවධාරණය කරයි.

ඔහු පවසන්නේ තමන් විසින් එළඹ ඇති ආනයනය හා බෙදාහැරීම සම්බන්ධ ගිවිසුම් අනුව, වසර 5ක් දක්වා නැනෝ දියර පොහොර ආනයනය කිරීමේ එකම නියොජිතයා යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගම බව මොහාන් පෙරේරා පවසයි.