தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව පියවර ගන්නෙ නැහැ - බන්දුල ගුණවර්ධන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව පියවර ගන්නෙ නැහැ – බන්දුල ගුණවර්ධන



මීගමුව කලපුව ආශි‍්‍රතව ක‍්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා පැවැත්වූ සාකච්ඡාවකදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට තරම් හේතුවක් නොමැති බව කැබිනට් ප‍්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවසා තිබේ .

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සංවාදයක යෙදුණා මිස වරදකාරී අයුරින් හැසිරී නොමැති බවද බන්දුල ගුණවර්ධන එහිදී පවසා ඇත.