தமிழ்
English
Contact
Sunday 15th December 2019    
රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම තහනම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම තහනම්



අමාත්‍යාංශවලට හා රාජ්‍ය අමාත්‍යාංශවලට වාහන අලුතෙන් මිලදී ගැනීම තහනම් කිරීමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.

යම් අමාත්‍යාංශයකට වාහන අවශ්‍යනම් අවශ්‍යතාව ජනපති ලේකම් කාර්යාලයේ ඇති අතිරික්ත වාහන වලින් ලබාදීමට වැඩසටහනක් සකස් කර තිබේ.

ජනපති ගේඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මේ වන විට රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමට කටයුතු කර ඇති බවද පැවසේ.