தமிழ்
English
Contact
Friday 16th November 2018    
රාජ්‍ය මාධ්‍ය ජනාධිපති යටතට? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජ්‍ය මාධ්‍ය ජනාධිපති යටතට?



රාජ්‍ය මාධ්‍ය ආයතන ඉක්මනින්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යටතට පවරා ගැනීමේ සූදානමක් පිළිබද සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ අනාවරණය කරයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර තිබුණද එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැතිබව පෙන්වා දෙන ඇමතිවරයා, ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂය ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ විෂයයන් යටතට පැවරෙනු ඇතැයි සදහන් කළේය. අද(7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.