Posted on 06.27.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොරෝනා වයිරසය හේතුවෙන් ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ගේ ණය වාරික හා ණය පොලී අයකරගැනීම මෙම මස වැටුපේ සිට යළි අය කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි පවසා තිබේ.
එයට අදාල චක්රලේඛයක්ද මේ වන විට නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කර ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ට ලබා දී ඇති ණය සහ අත්තිකාරම් වෙනුවට ඔවුන්ගේ වැටුපෙන් අය විය යුතු ණය වාරික හා ණය පොලී අය කර ගැනීම අත්හිටුවීමට තීරණය කර ඇති බව ආණ්ඩුව පවසන ලදී. නමුත් පසුව ඒවා අයකරගෙන තිබූ අතර පසුව අයකරගැනීම අත්හිටුවීමට අවශ්‍ය නම් ලිපියකින් ඉල්ලුම් කරන ලෙස රාජ්‍ය සේවකයන්ට රජය දැනුම් දෙන ලදී.
කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමඟ රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමට ලබාදී තිබූ සහන කාලය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා ආයතන ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි තවදුරටත් පවත්වාගෙන යන ලෙසට උපදෙස් දී ලබා දී ඇතැයි ද රාජ්‍ය පරිපාලන ලේකම්වරයා පවසා තිබේ.