தமிழ்
English
Contact
Friday 22nd November 2019    
රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ උත්සාහන් ගෙන ගිය පාලක කණ්ඩායම් දෙකට නිසි පිළිතුරක් දෙමු ! - දුමින්ද නාගමුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ උත්සාහන් ගෙන ගිය පාලක කණ්ඩායම් දෙකට නිසි පිළිතුරක් දෙමු ! – දුමින්ද නාගමුව



රාජ්‍ය සේවකයන්ගේ ගැටලු විසඳීම වෙනුවට ඔවුන්ගේ වැටුප් අයිතිය අහිමි කළ විහ්‍රාම වැටුප් කප්පාදු කළ පාලක කණ්ඩායම් දෙකට නිසි පාඩමක් ඉගැන්වීම රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉදිරිපත් කළ ජනාධිපතිවරණ අපේක්ෂක දුමින්ද නාගමුව පවසයි. අද(29) පෙ.ස.ප. ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
“යුක්තිගරුක සමාජයක් – සමාජවාදී අපේක්ෂකයෙක්“ යන තේමාවෙන් පෙ.ස.ප. විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරුණු දුමින්ද නාගමුව තැපැල් ඡන්දය ලබාදෙන රාජ්‍ය සේවකයන් ආමන්ත්‍රණය කරමින් මාධය වෙත පළ කළ අදහස් මෙසේය.
“මේ රටේ රාජ්‍ය සේවකයන් විසින් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ මැදිහත්වූ සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සටන්කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඔවුන් ආමන්ත‍්‍රණය කිරීමේ විශේෂ වගකීමක් අපට තිබෙනවා. විශේෂයෙන්ම හෙට(30* සහ අනිද්දා පැවැත්වෙන තැපැල් ඡුන්දයෙදි මේ රටේ රාජ්‍ය සේවකයන් ජනාධිපතිවරයකු පත්කිරීමට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතයි.
ඔබ දන්නවා මේ රටේ රාජ්‍ය සේවය හැකිලීම සඳහා පසුගිය කාලයේ පැවති ආණ්ඩු විසින් කටයුතු කර තිබෙනවා. රාජපක්ෂ පාලනය 2005දි රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වැටුප අහෝසි කිරීමට උත්සාහ කළා. ඒ සඳහා පනත් සංශෝධන කරන්න ගත් උත්සාහයෙදි වෘත්තිය සමිති විසින් කළ මැදිහත්වීමෙන් එම උත්සාහය පරාජය කරනු ලැබුවා. ඊට පසුව රනිල් – මෛත‍්‍රී හවුල් ආණ්ඩුව විසින් 2016 අයවැය ලේඛනය හරහා යෝජනාවක් ඉදිරිපත් කළා 2016 සිට රාජ්‍ය සේවයට එකතුවන කිසිම රාජ්‍ය සේවකයකුට විශ‍්‍රාම වැටුප් රජයෙන් ගෙවන්නෙ නෑ, ඒ වෙනුවට දායකත්ව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් යෝජනා කරනවා කියලා. ඒක කරන විදිය ඔවුන් පැහැදිලි කරලා නැති නමුත් අපි හොඳින්ම දන්නවා රාජ්‍ය සේවයේ විශ(ාම වැටුප මුළුමනින්ම කප්පාදු කිරීම සහ රාජ්‍ය සුබසාධනයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමේ පිළිවෙතේ එක පියවරක් මේක. මේ සම්බන්ධයෙන් අදහස් දක්වද්දි අගමැතිවරයා කිව්වෙ විශ‍්‍රාම වැටුප් ගෙවන නිසා අයවැයට විශාල බරක් එනවා, රාජ්‍ය වියදම් අඩුකිරීමෙදි මේ ගැන තීරණයක් ගන්න වෙනවා කියලා. නමුත් අපි මේ ගැන ඒ දවස්වලම රාජ්‍ය සේවකයන් දැනුවත් කරමින් කටයුතු කළා. අපි කියන්නෙ 2016 රාජ්‍ය සේවයට එක්වන සේවකයන්ට මේ විදියට විශ‍්‍රාම වැටුප කපා හැරියම රාජ්‍ය භාණ්ඩාගාරයට එහි වාසිය ලැබෙන්නෙ 2016 නෙවෙයි. 2046 විතර තමයි ඒ වාසිය ලැබෙන්නෙ. ඒ නිසා ඒ දක්වා විශ‍්‍රාම වැටුප් ගෙවන එක නතර වෙන්නෙ නෑ. නමුත් ආණ්ඩුව 2016 එක්වන රාජ්‍ය සේවකයන්ට පමණක් නෙවෙයි, සියලූම රාජ්‍ය සේවකයන්ට විශ‍්‍රාම වැටුප් කප්පාදුවක් කරන්න තියෙන අරමුණකින් තමයි මේ සැලැස්ම ඉදිරියට ගෙන යන්නෙ. ඉදිරියෙදි සේරම රාජ්‍ය සේවකයන්ගෙ විශ‍්‍රාම වැටුප කපාහරින් මුට්ටිය දාලා බලන ක‍්‍රමයක් මේ ගෙනාවෙ. මේ අය දායකත්ව විශ‍්‍රාම වැටුපක් කියන්නෙ ලෝකයේ වෙනත් රටවල තියෙන ආකාරයට වැටුපෙන් දායක මුදලක් කපාගෙන විශ‍්‍රාම ගියාම ඒකෙන් ගෙවීම් ලබාදෙන ක‍්‍රමයක්. ඒ ආකෘතිය ගැන අපි දන්නෙ නෑ. පැහැදිලිවම මේ කප්පාදුව නිසා රාජ්‍ය සේවකයන්ට ජීවිතයේ අවසාන කාලයේ සුරක්ෂිත ජීවිතයක් පවත්වාගෙන යන්න තියෙන අයිති අහෝසි කරනු ලබනවා. මේ තරම් බරපතල දෙයක් සම්බන්ධයෙන් අපි වෘත්තිය සමිති සම්බන්ධ කරගෙන හඬක් නැගුවා. නමුත් අපි හිතනවා මේක මේ වෙලාවෙ රාජ්‍ය සේවකයන්ගෙ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ඇති තීරණාත්මක ගැටලූවක් බව. මේ ආණ්ඩුව මේ දේ කරන්න පියවර තියද්දි රාජපක්ෂ ආණ්ඩුව ඒක කලින්ම ක`‍්‍රියාවට නගනන්න උත්සාහ කළ නිසා මේ දෙපාර්ශ්වයේම කොල්ලකාරී ස්වභාවය අනාවරණය වෙලා තියෙනවා. අවුරුදු 30ක් පමණ රජයේ සේවකයන් විසින් වැඩ කරලා ජීවිතයේ අවසාන කාලයේ සුරක්ෂිතතාවක් ලබාගන්න අයිතියක් ඔවුන්ට තිබෙනවා. ඒ නිසාම ඒ අයිතිය කපාහරින් කිසිදු නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් පාලකයන්ට නෑ. ඒ නිසයි අපි කියන්නෙ මේ දෙගොල්ලම රජයේ සේවකයන්ට සිදුකරන්න යන විනාශය කල්පනා කරන්න කියලා. ජනාධිපතිවරණයෙදි එක් එක් අපේක්ෂකයන් රාජ්‍ය සේවකයන් ගැන ආදර කතා කියනවා තමයි නමුත් ඔවුන් ඇත්තටම කරන දේ ගැන තීන්දු කරන්න රාජ්‍ය සේවකයන්ට වගකීමක් තිබෙනවා. ඒ කතා කියන කාට ඡුන්දය දුන්නත් ඉදිරියෙදි රාජ්‍ය සේවකයගේ විශ‍්‍රාම වැටුප් ආරක්ෂා කරගන්න අරගලයක් කරන්න අපට සිදුවෙයි. ඒ නිසා ඒ ගැන අප කල්තියා රාජ්‍ය සේවකයන්ට අනතුරු අඟවන්න කැමතියි. ඒ රාජ්‍ය සේවක විශ‍්‍රාම වැටුප් අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න පිරිසට ඡුන්දය ප‍්‍රකාශ කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.
ඊළඟට රාජ්‍ය සේවකයගෙ වැටුප් ප‍්‍රශ්නය. රාජ්‍ය සේවකයන් 2008 විතර තමයි රු. 10000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියෙ. නමුත් ඔවුන්ට 2015 වසරෙ තමයි වැටුප් වැඩිවීම ගැන තීරණයක් ආණ්ඩුව ලබාදුන්නෙ. නමුත් ඒ වැටුප් වැඩිවීම සම්පූර්ණයෙන් ලැබෙන්නෙ 2020 වර්ෂයෙදි. ඒ නිසා 2006 ඉල්ලපු වැටුප් වැඩිවීම අවුරුදු 12කට පස්සෙ රාජ්‍ය සේවකයට ලැබෙන්නෙ. ඒ වෙනකොට භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ ගිහින් ජීවන වියදම වැඩිවීම නිසා ඒ වැටුප් වැඩිවීම සහනයක් නැති මට්ටමට දැන් ඇවිත්. සමස්ත වැටුප එකතු වුණත් පහළ මට්ටමේ රාජ්‍ය සේවකයටත් රු 30000ක පමණ වැටුපක් මේකෙන් ලැබෙන්නෙ. අපි දන්නවා මහබැංකුව ගණන් හදලා විශ්ලේෂනය කරලා කියන ආකාරයට 4 දෙනක් ඉන්න පවුලකට අවම වශයෙන් මාසිකව යැපෙන්න පමණක් රු 65000ක් ඕන කියලා. එහෙම නම් 30000ක මාසික වැටුපකින් ජීවත් වෙන්න රජයේ සේවකයන්ට හැකියාවක් නෑ. ඒ නිසා රාජ්‍ය සේවකයට වැටුප් වැඩිවීමක් අනිවාර්ය වී තිබෙන පසුබිමක මේ ජනාධිපතිවරණයෙදි ඒ ගැන සාකච්ඡුාවක්වත් මතු වෙලා නෑ. රාජ්‍ය සේවකයන්, ඔවුන්ගෙ වෘත්තිය සමිති මේ සම්බන්ධ අවධානය යොමු කළ යුතු බව අපි කියනවා. ඒ වගේම වැටුප් වැඩිවීම් ඉල්ලූවාම අවුරුදු 10ක් යනකං බලන් ඉන්න වෙන පාලකයන් ගැන තීරණයක් ගැනීමට රාජ්‍ය සේවකයන් කල්පනා කළ යුතු බව අපි කියනවා. 200 මේ ආකාරයෙන් වැටුප් වැඩිවීමක් ඉල්ලන විට මහින්ද රාජපක්ෂ පාලනය ඒ ගැන කිසිදු තැකීමක් කළේ නෑ. 2015 වත්මන් පාලනය ඒ වැඩිවීම ලබාදුන්නෙත් තමන්ගෙ ආර්ථික කඬියාදාමය නිසා බැටකන රාජ්‍ය සේවකයන්ට සහනයක් නොදී ඉන්න බැරි තරමට ඔවුන් මත ජිවන බර වැටී තිබෙන මොහොතක. ඒ නිසා ඔය එක එක කතා කියන අපේක්ෂකයන් රාජ්‍ය සේවකයන් ගැන කිසිදු අවධානයක් යොමු නොකළ පසුබිමක තමයි තැපැල් ඡුන්දය ඉල්ලා සිටින්නෙ. අරක දුනා මේක දුන්නා කිව්වට 2008 ඉල්ලපු වැටුප් වැඩිවීම දුන්නෙ 2015දි, ඒකත් අවුරුදු 12කින් රාජ්‍ය සේවකයට ලැබෙන විදියට දීලා තියෙන්නෙ.
අප විශේෂයෙන් කම්කරු අරගල මධ්‍යස්ථානය වශයෙන් රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවක වැටුප් වැඩිකරන්නට අරගලයක් දියත් කළා. එහි ඉදිරි පියවර සාමුහිකව ඉදිරියට ගෙන යන්න රාජ්‍ය සේවකයන් අත්වැල් බැඳගනී කියලා අපි අපේක්ෂා කරනවා. ඔවුන් ඡුන්දය දුන්නත් නැතත් අපි ඒ අරගලය වෙනුවෙන් ඔවුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් අරගලයට පෙනී සිටිනවා, ඒ ගැන සැකයක් නෑ. ඒ නිසා රාජ්‍ය සේවක වැටුප වෙන්වෙන් අරගල කරන පාර්ශ්වයකට තමන්ගෙ ඡුන්දය ප‍්‍රකාශ කිරීමට හැකියාවක් මෙවර ජනාධිපතිරවණයෙදි තැපැල් ඡුන්ද භාවිත කරන රාජ්‍ය සේවකයන්ට ලැබී තිබෙන බව මතක් කරන්න ඕන.
මීළඟට සංවර්ධන නිලධාරින් ලෙස බඳවාගත් තරුණ උපාධිධාරි ප`ජාව විසින් මුහුණ දෙන තත්වය ගත්ත් ඔවුන්ට මාස දෙකක පමණ වැටුප් ගෙවන්න රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් නැති බව පවසා තිබෙනවා. සියලූ නාස්තිකාර වියදම් කරන පාලකයන්ට පරම්පාර පිටින් නඩත්තු කරන්න දේශපාලනයෙන් හම්බ කරගන්නවා. නමුත් රාජ්‍ය සේවයේ වැටුප් ගෙවන්න ආදායම් උපදවන්න සමත් පාලනයක් ඔවුන් විසින් ඇතිකර නෑ. ගුරුවරු විදුහල්පතිවරු වැටුප් අරගලයක යෙදී ඉන්නවා. වසර 22ක වැටුප් විෂමතා සම්බනධ මේ සුරංගනා කතා, පොරොන්දු දෙන පාලකයන් පසුගිය කාලයේ කතාවක්වත් නැතිව හිටියෙ.
ඒ නිසා මේ රටේ ලක්ෂ ගණනක් රාජ්‍ය සේවකයන් නොසළකා හැරිය තවමත් කප්පාදුවට ලක්කරන පාලකයන්ට නිසි පිළිතුරක් රාජ්‍ය සේවකයන් විසින් ලබා දිය යුතු බව අපි විශ්වාස කරනවා. ඡුන්ද බලයගැන කතා කියමින් ඡුන්දය අරගෙන රාජ්‍ය සේවකයන් පීඩාවට ලක්කරන්න ඔවුන් කටයුතු කරද්දි රාජ්‍ය සේවකයාගේ සාමුහික ශක්තිය පෙන්විය යුතුයි. ඒ සියලූ රාජ්‍ය සේවකයන්ට වැටුප් ඇතුළු අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න අරගලයකට අප සමග ඉදිරියෙදි එක්වන ලෙසත් එහි මුල් පියවරක් ලෙස අපගේ කුළුගෙඩිය ලකුණට ඡුන්දය ප‍්‍රකාශ කරන ලෙසත් අපි සියලූම රාජ්‍ය සේවක සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා.”