தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
රාජ්‍ය සේවා වැටුප් සම්බන්ධ ජනාධිපතිගේ පොරොන්දුව කැලේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජ්‍ය සේවා වැටුප් සම්බන්ධ ජනාධිපතිගේ පොරොන්දුව කැලේ!



රජයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධ ඉල්ලීම් ඉටු කරන බවත් ඒ සදහා විශේෂ කොමිටියක් පත්කර මාස දෙකකින් විසදුම් දෙන බවටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දුන් පොරොන්දුව ඉටුකිරීම දැන් මාසයකින් ප්‍රමාද කර තිබේ.

වැඩිවන ජීවන වියදම හා වැටුප් ඉහළ දැමීමක් සිදු නොවීම නිසා පසුගිය කාලයේ හවුල් ආණ්ඩුවට එරෙහිව රාජ්‍ය සේවකයන් වැඩ වර්ජන ගනනාවක නිරත වූ අතර ජනාධිපතිවරයා මැදිහත්වී එම සේවක ගැටලු විසදන බවට පොරොන්දු දුන් නමුත් ඒ කිසිවක් මේ දක්වා ඉටුකර නැත. දුම්රිය සේවක වැඩ වර්ජනයකින් පසුව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව නිවැරදි කිරීම සඳහා යැයි කියමින් මාස දෙකකකින් වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කරමින් අගොස්තු මස 20 වැනිදා ජනාධිපතිවරයා පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව මාස දෙකකින් ප්‍රමාද වී ඇත. කෙසේවෙතත් ප්‍රකට රජයේ නිලධාරියකුව සිට විශ්‍රාම ලබා සිටි එස්. රනුග්ගේ සභාපති ලෙස සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත මෙම කොමිසම සිය වාර්තාව අවසන් කර ඇතත් ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධ සාකච්ඡාවකට දිනයක් ලබාගැනීම ප්‍රමාද වී තිබේ. එම වාර්තාව  ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට සූදානම් බව එකී කොම්සමේ ආරංචිමාර්ග පවසයි. කොමිසමේ වාර්තාව මේ වන විට සකස් කර අවසන් වුවද ජනාධිපතිවරයා විසින් දිනයක් ලබාදුන් පසු අදාළ වාර්තාව භාරදීමට සිය කොමිසම සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

අධිකරණ සේවා ක්ෂේත්‍රයේ වැටුප් වැඩිකිරීමක් සිදුකර එහි වාසිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට 215%ක වැටුප් වැඩිකිරීමක් ලබාදෙන්නට මෛත්‍රි-රනිල් හවුල් ආණ්ඩුව කටයුතු කළද ජනතා විරෝධය නිසා එය තාවකාලිකව කල් දමනු ලැබිණි. කෙසේවුවද රාජ්‍ය සේවකයන්, පෞද්ගලික අංශය හා වතු සේවක වැටුප් වැඩිකිරීමක් සිදු නොකළ හොත් එම සේවකයන් සමග සටන් ක්‍රියාමාර්ගවලට එළඹෙන් බවට වෘත්තිය සමිති ආණ්ඩුවට අනතුරු අගවා තිබිණි. එහෙත් දේශපාලන බලපොරය තුළ වෘත්තිය සමිති දේශපාලන පක්ෂවල බල ව්‍යාපෘතියට යටවීම නිසා කම්කරු අරගල කල්දමා ඇති බවක් පෙනේ.