தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
රාජිතගෙ මාධ්‍ය හමුවට පැමිණි රියදුරන් දෙදෙනා අද(16) අධිකරණයට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජිතගෙ මාධ්‍ය හමුවට පැමිණි රියදුරන් දෙදෙනා අද(16) අධිකරණයට!



හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මාධ්‍ය හමුවකදී අපරාධකාරී කටයුතුවලට සම්බන්ධ වූ රියදුරන් ලෙස හඳුන්වාදුන් ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයන් දෙදෙනා අද(16) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

රාජපක්ෂ පාලන සමයේ සුදු වෑන් රථ රියදුරෙකු සහ එල්.ටී.ටී.ඊ.යට අයත් රත්‍රන් තොගයක් ප්‍රවාහනය කිරීමට දායක වූ අයෙකු බව පවසමින් ඔවුන් එම මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් අදහස් දක්වන ලදී. දෙසැම්බර් 13 වැනිදා මෙම පුද්ගලයන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පැය 72ක රැඳවුම් භාරයට ගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණ අවසරය ලැබිණි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු අමාත්‍ය රාජිත පැවැත්වූ මාධ්‍ය හමුවකදී මොවුන් අතරින් අයෙකුප්‍රකාශකර සිටියේ, තමා පුද්ගලයන් පැහැරගැනීමට යොදාගත් සුදු වෑන් රථයක රියදුරෙකු ලෙස කටයුතු කළ බවය. අනෙක් පුද්ගලයා එහිදී ප්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ.යට අයත් රත්‍රං තොග ප්‍රවාහනය කිරීමට තමන් රියදුරකු ලෙස සම්බන්ධ වූ බවය.