தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
රාජිත සේනාරත්නට ඇප ලැබෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජිත සේනාරත්නට ඇප ලැබෙයි



හිටපු සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලීමෙන් පසු ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවය නියෝග කළේ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත රාජිත සේනාරත්නට ඇප ලබාදෙන ලෙසයි.

එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් අත්හිටවූ අධිකරණය ගුවන් ලගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළේය.

තවද රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද රාජිත සේනාරත්නට නියෝග කර තිබේ.

අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් ඒ අනුව සුදුසු කොන්දේසියක් යටතේ තමන්ව ඇප මත මුදා හරින ලෙසත් සඳහන් කරමින් හිටපු ඇමතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම මෙසේ අදදින සළකා බලන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමට නියමිත වූ ඔහු නිවසේ නොසිටි අතර ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින බවට පසුව අනාවරණය විය. ඊයේ ඔහු බන්ධනාගාරයට රැගෙන යාමට නියමිත වුවද පසුව සෞඛ්‍ය තත්වය පිරිහී ඇති බව සළකා එය සිදු නොකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් අද දිනයේදී ඔහු පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.