தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
රාජිත අත්අඩංගුවට ගැනීමට නොහැකිකමද පොලිසියේ භූමිකාවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජිත අත්අඩංගුවට ගැනීමට නොහැකිකමද පොලිසියේ භූමිකාවයි!



අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නොහැකිවීමද පොලිසියේ භූමිකාව අනාවරණය කරන්නක් බව දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.
චම්පික රණවක මන්ත්‍රිවරයා සම්බන්ධ චෝදනාවේදී මන්ත්‍රිවරයාගේ රියදුරාගේ නිවසට ගොස් ඔහුගේ මව්පියන්, බිරිය හා බිළිඳු දියණිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබීම පොලිසිය විධිමත්ව සිදුකළ නීති විරෝධී වරදකි. එහෙත් ඒ සම්බන්ධ මේ දක්වා යුක්තිය ඉටුවී නැති අතර ඉදිරියටද කිසිවක් සිදුවන්නේ නැත. රාජිත සේනාරත්න වැනි මහින්ද රාජපක්ෂගේ පැරණි මිතුරකු හා ප්‍රභූ දේශපාලකයකු සම්බන්ධව පොලිසිය එවැනි පියවරක් ගන්නේ නැත. චම්පික රණවක සම්බන්ධ ක්‍රියාමාර්ග කෙසේවෙතත් රාජිත සම්බන්ධ පොලිසියට ඇත්තේ නොහැකියාවක් නොව දේශපාලන සීමාවකි. රාජිත අත්අඩංගුවට ගන්න බව කියමින් ඔහුගේ කොළඹ පිහිටි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් පරික්ෂාවට ලක් කර ඇත.
අද පස්වරු 04.00ට පමණ කොළඹ 07, ජාවත්ත පාර ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස වෙත ඔවුන් පැමිණි අතර මිනිත්තු 40ක පමණ කාලයක් නිවස පරික්ෂාවට ලක් කර ඇත.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව ඔහුගේ කොළඹ පිහිටි නිවසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණි දෙවන අවස්ථාව මෙයයි.
මේ වනවිට මන්ත්‍රිවරයා සුඛෝපභොගී රෝහල් වාට්ටුවක නැවතී සිටින බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.