தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
රාජිත සේනාරත්න වරෙන්තුවකින් අත්අඩංගුවට ගන්න - නීතිපති කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජිත සේනාරත්න වරෙන්තුවකින් අත්අඩංගුවට ගන්න – නීතිපති කියයි



පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නට අධිකරණය හරහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
හිටපු සෞඛ්‍ය ඇමතිවරයා විසින් සුදුවෑන් සම්බන්ධව හෙළිදරව්වක් ලෙස සිදුකළ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා කරමින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස මෙසේ නීතිපතිවරයා උපදෙස් ලබාදුන් බව නීතිපති දෙපාර්තමේන්තු ප්‍රකාහිකාවක් මාධය වෙත අනාවරණය කර ඇත.
පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු අමාත්‍ය රාජිත පැවැත්වූ මාධ්‍ය හමුවකදී මොවුන් අතරින් අයෙකුප්‍රකාශකර සිටියේ, තමා පුද්ගලයන් පැහැරගැනීමට යොදාගත් සුදු වෑන් රථයක රියදුරෙකු ලෙස කටයුතු කළ බවය. අනෙක් පුද්ගලයා එහිදී ප්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ.යට අයත් රත්‍රං තොග ප්‍රවාහනය කිරීමට තමන් රියදුරකු ලෙස සම්බන්ධ වූ බවය.