தமிழ்
English
Contact
Saturday 4th July 2020    
රාජිත සේනාරත්න සිද්ධිය - නීතියේ හැසිරීම ගැන චිත්‍රයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජිත සේනාරත්න සිද්ධිය – නීතියේ හැසිරීම ගැන චිත්‍රයක් !



හිටපු ඇමති රාජිත සේනාරත්න, ඊයේ(13) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවීමෙන් පසුව ඔහු මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ලංකා ජයරත්න, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී. මෙම සිදුවීම අපේකාලයේ යුක්තිය පසිඳලීම සම්බන්ධ නිරූපණයක් ලෙස හඳුන්වාදිය හැකිය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ ක්‍රියාත්මක වූ සුදුවෑන් පැහැරගැනීම් සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවදී රාජිත සේනාරත්න කටයුතුකර තිබුණු ආකාරය සම්බන්ධයෙන් චෝදනා යටතේ මෙසේ බන්ධනාගාරගත කෙරිනි.
2019 නොවැම්බර් 10 රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය හමුවක් කැඳවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය සමයේ සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගත් බවටත් පුද්ගලයන් ඝාතනයකර කිඹුලන් සහිත වැව්වලට දැමූ බවටත් ප්‍රකාශ කෙරිණි. ඒසේම එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ රත්රන් ගැන සඳහන් කරමින් වත්මන් ජනාධිපති සහ ඒවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහ වත්මන් අගමැති සහ හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂට අනියමින් චෝදනා නැගීය.

විරුද්ධ මතධාරින්ට ඒරෙහිව භීෂණය

මේ සියල්ල 2010 ජනාධිපතිවරණයට පෙර සිට රාජපක්ෂ රෙජීමයට ඒරෙහිව ‘සාධක සහිතව’ ඒල්ල කෙරුණු චෝදනාය. ඒවකට සිදුවූයේ ඒ ආකාරයෙන් රාජපක්ෂ පාලනයට අදාළව විවිධ චෝදනා මතු කළ සමාජ ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් දේශපාලන ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීම හා ඇතැම් විට ඝාතනය කිරීමය. අනතුරුව ඒවැනි මර්දනකාරී ක්‍රියාදාමයන් ගැන රාජපක්ෂ පාලනයට චෝදනා ඒල්ල විය. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් ඒක්නැලිගොඩ ඇතුලු මාධ්‍යවේදින් හා මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 44 දෙනකු ඝාතනය කෙරුනු අතර, පහරදීම්, පිහියා ඇනුම් ආදියෙන් රාජය මාධ්‍ය ආයතනවල සේවකයන්ටද ගැලවුමක් නොමැති විය. මාධ්‍ය ආයතනවලට බෝම්බ ප්‍රහාර, ගිනිතැබීම් හා ගල්මුල් ප්‍රහාර ඒල්ල කිරීම් මහ දවාලේ සිදුවන සිදුවීම් බවට පත් විය. ඒ්වා ගැන සාමාන්‍ය ජනයා හමුවේ කට ඇරීමටවත් කිසිවකු නොවීය. ඒහෙත් මාධ්‍ය ආයතන කිහිපයක් පමණක් මේ මර්දනය හමුවේ නිහඩව නොසිට වගකීම ඉටුකරන ලදී. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටත් ඒවකට ආරක්ෂක ඇමති ලෙස ඔහු සමග කටයුතු කළ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වූ වත්මන් ජනාධිපතිවරයාටත් ඇඟිල්ල දිගුකරමින් කෙරුනු චෝදනා හමුවේ ඒම මාධ්‍ය ආයතන මුද්‍රා තැබීමට හා මාධ්‍යවේදින් අත්අඩංගුවට ගෙන රඳවා තබන්නට කටයුතු කළේ වත්මන් ජනාධිපති හා අගමැති රාජපක්ෂ දෙබෑයන්ගේ පරණ ආණ්ඩුව සමයේය.

2012 දෙසැම්බර් 9 වැනිදා යාපනයේදී ලලිත් කුමාර් හා කුහන් මුරුගානන්දන් යන වාමාංශික ක්‍රියාකාරින් දෙදෙනා පැහැර ගෙන ගියේ ආරක්ෂක හමුදා බවට සැක මතුව තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා වී ඇත. නමුත් අදවනතුරු ඔවුන් අතුරුදන්වී සිටින අතර මේ ගැන යාපනය අධිකරණයේදී සාක්ෂි දීමට කැඳවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (ඒවකට අපේක්ෂකධුරයට නම්කර සිටියදී) විවිද හේ.ු දක්වමින් අදිකරනය මගහැර ගියේය. සුදුවෑන් මගින් විරුද්ධ මතධාරින් පැහැරගෙන යාමේ පැරා මිලිටරි කණ්ඩායමක් නඩත්තු කිරීම සම්බන්ධයෙන් ඔහුට ඒරෙහිව චෝදනා මින් පෙර කිසිදු අධිකරණයක විභාගකර නැත. නමුත් උත්ප්‍රාසවත් ලෙස පළමුවරට ඒම චෝදනා සම්බන්ධ නඩුවිභාගයේදී චූදිතයා වන්නේ ඒම චෝදනා ඉදිරිපත්කළ රාජිත සේනාරත්නය. ඔහුට ඒරෙහිව චෝදනා නගන්නට ඉදිරිපත්ව ඇත්තේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනියම් බලය යටතේ ක්‍රියාත්මකවන ආරක්ෂක අමාත්‍යංශය සහ ආණ්ඩුවේ අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව වීමද සරදම් සහගත කරුණකි.

සුදුවෑන් මාධ්‍ය හමුව

2014 අවසානයේ ඒක්සත් ජාතික පක්ෂයත් මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමෙන් බල අරගලය නිසා ඉවත් වූ රාජපක්ෂගේ වසර 9ක පාලනය යටතේ ඇමතිකම් දැරූ පුද්ගලයන්ම වන මෛත්‍රිපාල සිරිසේන, රාජිත සේනාරත්න වැනි පුද්ගලයන් හරහා ඒ්වා ප්‍රතිරාවය විය. තමන් ඇමතිකම් දැරූ සමයේ මේ චෝදනා ගැන කට නොඇරි ඔවුහු රාජපක්ෂට ඒරෙහි මැතිවරණ තරගයක ඒ්වා යළි ඉදිරිපත් කරමින් රාජපක්ෂ විරෝධයේ රළවේගය සිය ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට යොදවන ලදී. ඒක්සත් ජාතික පක්ෂයට සුලුතර පාර්ලිමේන්තුවක් සහිතව බලයට පත්වන්නට මෙය මනා පිටුවහලක්ද විය. 2015 ජනවාරි 8 විප්ලවය ලෙස නම් කළ මෙම බලපෙරලියේ ආරම්භය ලෙස ම්‍ත්‍රෛිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් විය. 2015 අගොස්කු 15 මහමැතිවරණ සමයේද යලිත් රාජපක්ෂ විරෝධය අවුලුවමින් රාජපක්ෂවරුන්ගේ අපරාධ සම්බන්ධ චෝදනා ප්‍රතිරාවය විය. ඒහෙත් 2015 – 2019 කාලය තුළ මේ සම්බන්ධ විධිමත් විමර්ශනයක් හෝ නඩුපැවරීමක් හෝ අවම වශයෙන් මැතිවරණ සමයේ කළ කතා යලි සිහිපත් කිරීමක් දක්නට නොමැති විය.
2019 ජනාධිපතිවරණයට දින 6ක් තිබියදී රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාගේ ‘සුදුවෑන් මාධ්‍ය හමුව’ නමැති රංගනය යළි මාධ්‍ය තුළින් විකාශය කෙරෙන්නේ ඒවැනි පසුබිමකය.

ඒහෙත් මන්ත්‍රිවරයා සහ අනෙක් දෙදෙනා කී කිසිවක් ජනාධිපතිවරණය කාලයේ නීති අංශවලට වැදගත් කරුණක් නොවීය. ඒහෙත් නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය අවසන්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්වීමෙන් පසුව හා මහින්ද රාජපක්ෂ අගමැති වූ පසුව නීති අංශවලට මේ සම්බන්ධ පියවර ගැනීමට නියෝග කරන ලදී.
ඒ් අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වූ රියදුරන් දෙදෙනකු බව කියූ පුද්ගලයන් දෙදෙනකු ඒ් සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු සූදානම් කරණ ලදී. දෙසැම්බර් 12 වැනිදා ඒම රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදී. දෙසැම්බර් 19 වැනිදා මන්ත්‍රීවරයා වෙනුවෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිනි. දෙසැම්බර් 20 කොළඹ ප්රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඒම ඇප අයදුම ප්‍රතික්ෂේප වූ විට ඔහු එදින පස්වරුවේම සංශෝධිත අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කරයි. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට එදිනම විදෙස් ගමන් තහනමක් ද පනවන ලදී. මෙම පසුබිම යටතේ රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නැයි දෙසැම්බර් 24 වැනිදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීමෙන් පසු එදිනම අදාළ වරෙන්තුව ලබා ගනී.

අපරාධ පරික්ෂණ සහ අධිකරණ ක්‍රියාදාමය

දෙසැම්බර් 25 වැනිදා රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාගේ, කොළඹ 7 සහ බේරුවල නිවෙස් තුල ඔහු නොමැති බව අපරාධ පරික්ෂණ නමුත් දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය. ඉන්පසු නිවසේ සිටි බිරිය ඇතුලු ඥාතින් කිසිවකුත් ඔහු සිටින තැනක් සම්බන්ධ තොරතුරු හෙලි කිරිමට හෝ සමත් නොවීය. මේ අතර හිටපු ඇමතිවරයාගේ දුරකථන ක්‍රියාවිරහිතව ඇති බවද අනාවරණය විය. පසුව, දෙසැම්බර් 26 වැනිදා රෝගී තත්වයක් බව පවසමින් ඔහු ලංකා පෞද්ගලික රෝහලට ඇතුලත් විය. නමුත් වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයකු විසින් දෙසැම්බර් 27 වැනිදා මන්ත්‍රීවරයා රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් අනතුරුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය විසින් දෙසැම්බර් 30 වැනිදා ඇප නියම කර තිබිණ.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න 2019 දෙසැම්බර් මස 30 වැනිදා ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධන කරන්නැයි ඉල්ලමින් නීතීපතිවරයා මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍රය ඉදිරිපත් කර තිබිණ. ඒහිදී රාජිත සේනාරත්නට එරෙහිව වරෙන්තු නිකුත් වී තිබියදී ඔහු අධිකරණයට ඉදිරිපත් නොවී සැඟවී සිටි තත්වයක් තුළ පෞද්ගලික රෝහලකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔහුගේ මෙම ක‍්‍රියාකලාපය ඇප පනතේ 14 වැනි වගන්තිය කඩකිරීමක් බව රහස් පොලිස් නිලධාරීන් වැඩිදුර වාර්තා මඟින් අධිකරණයේ අවධානයට ලක් කොට තිබියදීත් මහෙස්ත‍්‍රාත්වරිය ඒ පිළිබඳව සැළකිල්ලක් නොදක්වා ඔහුට ඇප නියම කොට ඇතැයිද සඳහන් කළ මංජුල තිලකරත්න විනිසුරුවරයා, විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන වැඩිදුර වාර්තා කෙරෙහි සියළුම මහෙස්ත‍්‍රාත්වරුන් අවධානය යොමු කළ යුතු වුවත් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය රාජිත සේනාරත්නට ඇප නියම කිරීමේදී අධිකරණ මනසින් ඒ අවධානය ගිලීහි ගොස් ඇතැයිද සදහන් කළේය. මේ අනුව, රාජිත සේනාරත්නට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය නිකුත් කළ නියෝගය ඉවත දැමීමට නියම කළ විනිසුරුවරයා සැකකරු කැදවා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියට නියම කළේය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ක‍්‍රියාකලාපය අනුව ඔහු අධිකරණය මගහැරයෑමේ හැකියාවක් ඇති බවට නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කළ කරුණු නොසලකා හරිමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය කටයුතු කළ ආකාරය ඉතා කණගාටුදායක බව අවධාරණය කළ විනිසුරුවරයා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියගේ නියෝගයෙන් යුක්තිය බිඳී යාමක් සිදුවී ඇති හෙයින් එම නියෝගය ඉවත දමන බවද සදහන් කළේය.
ඊයේ (13) දහවල් මෙම තීන්දුව නිකුත් වූ පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් රාජිත සේනාරත්නගේ ඇප අවලංගු කොට වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කළාය. ඒ් අනුව, සන්ධ්‍යාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමට හිටපු ඇමතිවරයා කටයුතුකර තිබිණි.

මේ ආකාරයට ඒක් කාලයක නීතිය ක්‍රියාත්මක කිරීම හා යුක්තිය පසිඳලීම අත්හැර දමනු ලබන අතර තවත් කාලයක ඒය ප්‍රමුඛ මාතෘකාවක් වේ. අපේ කාලයේ වහරන සාමාන්‍ය කියමනක් වන්නේ කෙහෙල් කැන් හොරාට ක්‍රියාත්මකවන නීතිය මහබැංකු හොරාට ක්‍රියාත්මක නොවන බවය. ඒ් ආකාරයටම සුදුවෑන් පැහැරගැනීම් සම්බන්ධව රාජිත සේනාරත්නලාගේ පාලනය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට අවධානයක් නොතිබුණි. ඒ් ඔවුන්ගේ දේශපාලන ප්‍රමුඛතාව වූයේ පැහැරගැනීම් නිසා වින්දිතයන් බවට පත්වූ සාමාන්‍ය පීඩිතයන් වෙනුවෙන් නොවන බැවිනි. අවසානයේ සුදුවෑන් චෝදනාව දේශපාලන සූදුවක් බවට පත්කරගත් රාජිතලාට ඒය පාරාවලල්ලක් විය. ඒහෙත් කිසිවකු සතුටු විය හැකි තත්වයක් නොවේ. මේ ඇසුරින් දේශපාලන බලය හා යුක්තිය පසිඳලීම සම්බන්ධ වටිනා පාඩමක් ඉගෙන ගන්නට හැකිය. ඒනම්, ඊනියා පොදුජන පෙරමුණ් රාජපක්ෂලාගේ බලය යටතේ වේවා, ඒක්සත් ජාතික පක්ෂයේ වේවා පාලක පන්තියේ බලය යටතේ නීතිය ක්‍රියාත්මක වීම පාලකයන්ගේ අරමුණුවලට අනුව බවත් යුක්තිය පසිඳලීම කිසිදාක පීඩිතයන් වෙනුවෙන් නොවන බවත්ය.