Posted on 07.20.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ලක්ෂ දහයකට පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවත් තම රජයක් යටතේ එසේ රැකියා අහිමි වන සෑම පුද්ගලයකුටම රුපියල් දසදහසක දීමනාවක් ලබාදීමට යෝජනා කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසීය.
මා දඹුල්ල සංචාරක හෝටලයක දී ඊයේ (19) දින පස්වරුවේ පැවති රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.
මෙරට සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී ජනතාවද දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවත් රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය සියලු සැලසුම් සකස් කර තිබෙන බවත් කිසිදු ආකාරයකින් පොහොට්ටු පක්ෂයට ඡන්දය ලබාදීමෙන් රට ගොඩනැගීමට නොහැකි බවත් රට ගොඩනැගීමට හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් බවත් රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කළේය.
රනිල් වික්‍රමසිංහ මීට පෙර පැවති මැතිවරණවලදී ලබාදෙන ලද ජනප්‍රිය පොරොන්දුවක් වූවේ තරුණ තරුණියන් සඳහා රැකියා දස ලක්ෂයක් ලබාදෙන බවයි. නමුත් ඉන් පසු ඔහු අගමැති ධූරයක් දැරුවද රැකියා දස ලක්ෂයක් තබා කිසිදු රැකියාවක් ලබා නොදුන් බව ජනතාවට දනියි. එසේම පෙර පැවති පාලනයේ අගමැතිධුරය දැරූ රනිල් වික්‍රමසිංහ ආර්ථික කඩා වැටීමට පිළිතුරු තම පක්ෂයට තිබෙන බව පැවසීම විහිළුවකි. එසේ තිබුනේ නම් ඔවුන් පාලනය ගෙනගිය කාලය තුළ රට ගොඩ නැගීමට තිබුණි. මන්ද ආර්ථික කඩා වැටීම අද කොරෝනාවලින් පසු ආරම්භ වූවක් නොවේ.