தமிழ்
English
Contact
Friday 14th May 2021    
රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණීමට අවසර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණීමට අවසර



රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි කරවන්නයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

බදියුදීන් ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කතානායකවරයා පසුගියදා පෙරවරුවේ එකඟත්වය පළ කර තිබුණි. වේත්‍රධාරිවරයා මෙම දැනුම්දීම කර ඇත්තේ ඉන් පසුවය.

රිෂාඩ් බදියුදීන් ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි කරවන්නයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල එම කාරක සභා රැස්වීමේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.