Posted on 10.15.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ඇමති රිෂාඩ් බදියුද්දීන් කොළඹ මහෙස්ත්රාත් අධිකරණයෙන් ඇප මත නිදහස් කරන ලදී.
කොළඹ කොටුව මහෙස්ත්රාත් ප්රියන්තලියනගේ විසින් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත ඇප ලබා දෙන ලදී.
එසේම සිය නිවසේ බාල වයස්කාර දැරියක මිය යාම සම්බන්ධ චෝදනා සඳහාද රක්ෂිත භාරයට යවා ඇති කරුණ නිසා ඔහු අද දින රු. මිලියනය බැගින් ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරයා තීරණයකර ඇත.