Posted on 02.11.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කර්මාන්ත හා වාණිජ ඇමැතිවරයාව සිටි අවධියේදී සතොසේ සිදුව ඇති රුපියල් බිලියන ගණනක වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ ලිපි ගොනු අතුරුදන්ව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පවසා ඇත. මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කරන ලදි.
මෙම වංචාවන්හි මුල මැද සහ අග සොයා ගැනීම ගැටලුවක්ව ඇති නිසා දැනටමත් විගණන සමාගමක් වෝහාරික විගණනයක් ආරම්භ කර ඇතැයිද කී ඇමැතිවරයා අදාළ ලිපි ගොනු අතුරුදන්වී ඇති බව අනාවරණය වී ඇත්තේ මෙම විගණනයේදී බවද සඳහන් කරන ලදි.
මේ හේතුවෙන් මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව කී ඇමැතිවරයා සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි ලෙස 2015 සහ 2019 අතර කාලයේ සතොස ඇතුළු ඊට සම්බන්ධ ආයතනවලට අසාමාන්‍ය ලෙස අලාභ සිදුකර ඇතැයිද පවසා තිබේ. සතොස සැපයුම්කරුවන්ට පමණක් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන අටකට අධික බවද මෙහිදී හෙළිවිය.