தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
රුසියානු අත්හදා බැලීම් මිසයිල ප්‍රහාරයට එක්සත් ජනපදය අප්‍රසාදය පළ කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුසියානු අත්හදා බැලීම් මිසයිල ප්‍රහාරයට එක්සත් ජනපදය අප්‍රසාදය පළ කරයි!



රුසියාව විසින් අත්හදාබැලීමක් ලෙස චන්ද්‍රිකාවක් වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරය වගකීම් විරහිත ක්‍රියාවක් බව එක්සත් ජනපදය චෝදනා කරයි.

රුසියාව විසින් මේ වනවිට අක්‍රියව ඇති සිය චන්ද්‍රිකාවක් ඉලක්ක කරමින් චන්ද්‍රිකා නාශක මිසයිල අත්හදා බැලීමක් සිදු කළ බව අද(16) තහවුරු කර ඇත. මෙම අත්හදාබැලීම නිසා මේ වනවිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ( ISS) සිටින රුසියානුවන් ඇතුළු ගගනගාමීන් අනතුරේ හෙළීමේ අවදානමක් ඇති බවට එක්සත් ජනපදය විසින් අප්‍රසාදය පළ කරමින් චෝදනා කළත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය එය ප්‍රතික්ෂේප කළේය.

නිවේදනයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ 1982 සිට කක්ෂගතව තිබුණද දැනට අක්‍රිය වී ඇති රුසියානු චන්ද්‍රිකාවක් ඉලක්ක කර ගනිමින් “සාර්ථක අත්හදාබැලීම් ප්‍රහාරයක් සිදු කළ” බවයි. නමුත් එක්සත් ජනපදයේ NASA ආයතනය පවසන ආකාරයට අභ්‍යවකාශ සුන්බුන් වලාවක් මධ්‍යස්ථානය අසලින් ගමන් ගැනීම හේතුවෙන් ඊයේ (15) ISS හි සිටි ගගනගාමීන්ට ආරක්ෂාව පිණිස අභ්‍යවකාශ කැප්සියුල යුගලයක නවාතැන් ගැනීමට සිදු වී තිබේ.
කෙසේවෙතත්, එක්සත් ජනපදය පවසන ආකාරයට මෙම පරීක්ෂණ ප්‍රහාරය “භයානක සහ වගකීම් විරහිත” ලෙස හැඳින්වීම රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඔවුන් පවසන්නේ “පරීක්ෂණ කාලය සහ කක්ෂීය පරාමිතීන් අනුව මෙම අත්හදාබැලීම් ප්‍රහාරයෙන් ඉතිරිවන සුන් බුන් කොටස්, කක්ෂීය ස්ථාන, අභ්‍යවකාශ යානා සහ අභ්‍යවකාශ ක්‍රියාකාරකම් වලට තර්ජනයක් නොවන බවත් ඒ බව එක්සත් ජනපදය නිසැකවම දන්නා බවත්”ය.

රුසියානු විදේශ අැමති සර්ජි ලැව්රොව් ද ප්‍රකාශ කළේ රුසියාව අභ්‍යවකාශයේ සාමකාමී ක්‍රියාකාරකම්වලට අවදානමක් ගෙන ඇති බවට වොෂින්ටනය විසින් “කුහක ප්‍රචාරයක්” ගෙනයන බවයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ( ISS)
අභයනකාශයේ සුන් බුන් විසිරයාම නිරූපිත සිතුවමක්
රුසියානු මිසයිලය