தமிழ்
English
Contact
Saturday 26th May 2018    
රුසියානු ජනපති අන්තර් ජාතික බලශක්ති ඒකකයේ ප්‍රධානියා අතර හමුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුසියානු ජනපති අන්තර් ජාතික බලශක්ති ඒකකයේ ප්‍රධානියා අතර හමුවක්



රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් අන්තර් ජාතික පරමාණු බලශක්ති ඒජන්සියේ ප‍්‍රධානියා වන යුකියා අමානෝ හමුවීමට නියමිතව තිබේ.

මෙම හමුව ලබන සදුදා දින රුසියාවේ සෝචි නගරයේදී පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම හමුවේදී දෙදෙනා අතර මූලිකවම සාකච්ඡාවට ගනු ඇත්තේ පසුගිය 08 දින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉරානය සමග පැවැති ටෙහෙරාන් න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත්වීමය.
2015 වසරේ අත්සන් කරන ලද ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත්වීමට තීරණය කිරීමත් සමග එම ගිවිසුමට අත්ඒසන් කළ අනෙකුත් රටවල් වන රුසියාව ප්‍රංශය චීනය හා බි‍්‍රතාන්‍ය මෙම තීරණය පිළිබදව සිය කණස්සල්ල පළකර තිබේ.

මෙම ගිවිසුමෙන්රා පසුව ඉරානය සිය රටේ න්‍යෂ්ඨික කටයුතු සිවිල් වැඩකටයුතු සදහා පමණක් භාවිතයට ගන්නා බවට වන එකගතාවයකට පැමිණියේය.

බැරක් ඔබාමා පාලන කාලය තුල අත්සන් කරන ලද මෙම ටෙහෙරාන් න්‍යෂ්ඨික ගිවිසුම සමබන්ධයෙන් ඩොනල්ඩ් ට‍්‍රම්ප් බලයට පැමිණීමත් සමග අවස්ථා කිහිපයකදීම මෙම ගිවිසුමෙන් ඉවත්වන බවට ප‍්‍රකාශ කළේය.

ඉරානයයද එක්සත් ජනපදය ටෙහෙරාන් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වී පිළිබදව අදහස් දක්වමින් පවසා ඇත්තේ එක්සත් ජනපදය එම ගිවිසුමෙන් ඉවත් වුවත් අනෙකුත් රටවල් හතර සමග ඉදිරියටත් සිය න්‍යෂ්ඨික වැඩකටයුතු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටුතු කිරීමට තමන් අදහස් කර අති බවයි.




Related News