தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
රුසියානු ජනාධිපති හා ජපාන අගමැති අතර හමුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුසියානු ජනාධිපති හා ජපාන අගමැති අතර හමුවක්



රුසියානු ජනපති පුටින් හා ජපාන අගමැති ෂින්ෂෝ අබේ අතර හමුවක් ඊයේ දිනයේ රුසියාවේ වැලැඩිවොස්ටොක්හි දී පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ඈත පෙරදිග වැලැඩිවොස්ටොක්හි මේ දිනවල පැවැත්වෙන නැගෙනහිර ආර්ථික හවුලේ ප්‍රදර්ශනය අතර තුරදී මෙම රාජ්‍ය නායකයින් දෙපළ හමුව ඇති බව වාර්තාවේ.

දෙරට අතර නව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට ඇති හැකියාව පිළිබදව දෙරටේ රාජ්‍ය නායකයින් අතර සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය හෙළිකර තිබේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාව හා ජපානය අතර ආරක්ෂක ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නොමැති බව වාර්තාවේ.

යෝජිත නව ආරක්ෂක ගිවිසුමට කිසිදු පූර්ව කොන්දේශියකින් තොරව සාකච්ඡා මගින් සිදුකිරීමට රුසියාව විසින් යෝජනා කොට තිබෙන බව එම වාර්තා පෙන්වා දේ.

යෝජිත ආරක්ෂක ගිවිසුම මේ වසර අවසානයේ අත්සන් කිරීමට හැකිවනු ඇති බව එම හමුවේදී ප්‍රකාශකර ඇති බව වාර්තාවේ.




Related News