தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
රුසියානු විදේශ ඇමති පැමිණෙනවිට චීන හා අමෙරිකන් නියෝජිතයෝ පැමිණෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුසියානු විදේශ ඇමති පැමිණෙනවිට චීන හා අමෙරිකන් නියෝජිතයෝ පැමිණෙති!



රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් ලංකාවේ දෙදිනක රාජ්‍යතාන්ත්‍රික සංචාරය පිණිස පැමිණෙන අද(12) දින චීන විදේශ ඇමති මෙන්ම එක්සත් ජනපද කලාපීය කටයුතු භාර නියෝජිතවරියද මෙරටට පැමිණීම සුවිශේෂී තත්වයකි.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ ජනාධිපතිවරයා ඇතුළු රාඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බව විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි. චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය වන්ග් යී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද සහ විදේශ සබඳතා ඇමති දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී.වෙල්ස් ද ජනාධිපතිවරයා, අගමැතිවරයා  සහ විපක්ෂ නායකවරයා ඇතුළු නියෝජිතයන් හමුවීමට සැලසුම් කර ඇත.

කලාපීය භූ-දේශපාලන අරමුනු වෙනුවෙන් මෙම බලවත් රාජ්‍ය ත්‍රිත්වයම ලංකාවේ පැලපදියම්වීමේ අරමුණුවල සිටී. මෙවැනි රාජ්‍යතාන්ත්‍රික හමුවීම්වලදී සුහදතාව වර්ධනයකර ගෙන මෙරට අවශ්‍යතා වෙනුවෙන් අරමුදල් සැපයීමේ ව්‍යාපෘති හරහා මෙන්ම ජාතික ආරක්ෂාව වැනි වත්මන් ආණ්ඩුවේ සටන් පාඨ හරහා ඔවුන් මෙරට සිය උපායමාර්ගික අරමුණු උදෙසා යම් ආකාරයක සහයෝගිතාවයකින් ස්ථාපිතවීමේ සැලැස්මක සිටී.