தமிழ்
English
Contact
Saturday 18th August 2018    
රුසියානු හා එක්සත් ජනපද හමුදා ප්‍රධානීන් අතර හමුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුසියානු හා එක්සත් ජනපද හමුදා ප්‍රධානීන් අතර හමුවක්



පින්ලන්තයේ හෙල්සින්ක්හිදී ඊයේ රුසියානු හා එක්සත් ජනපදයේ හමුදා ප්‍රධානීන් හමුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ පැවැති මෙම හමුවේදී රුසියානු හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී හා නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කරන ජනරාල් වැරලි ජෙරිසිමෝව් හා එක්සත් ජනපද හමුදාවේ ඒකාබ්දධ මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජෝසප් ඩන්පොඩ් හමුව තිබේ.

විශේෂයෙන් සිරියාවේ පවතින වත්මන් තත්වය හා සිරියාවේ ස්ථාරත්වය ඇති කිරීමට වේගවත් මැදිහත්වීමක් කිරීමේ අවශ්‍යතාවය පිළිබදව දෙපාර්ශ්වය අතර පැවැති හමුවේදී සාකච්ඡාකර ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. සිරියාවේද ීදෙපාර්ශවය අතර ඇතිවූ අර්බූදකාරී තත්වයන්ද සිරියාවේ ස්ථාවරත්වය ඉක්මණින් ගොඩනැගීමට දෙපාර්ශ්වයට එකගවිය හැකි කරුණු හා සිරියානු සටන් විරාම ගිවිසුම යථාර්ථයක් කර ගැනීම යන කරුණු සිරියාව සම්බන්ධයෙන් සාකච්ඡාකර ඇති බව වාර්තාවේ.

සිරියාවේදී රුසියානු හමුදා සිරියානු රජයට සහාය පිණිස එරට අයි.එස්. අයි.එස්. ඉස්ලාමීය කැරලිකරුවන්ට හා විපක්ෂයේ සහාය ලබමින් සිටින සිරියානු නිදහස් හමුදාවට එරෙහිව දැවන්ත ගුවන් ප්‍රහාර එල්ලකරමින් සිරියානු ආරක්ෂක හමුදාවන්ට සහාය පළකරමින් කටයුතු කළත් එක්සත් ජනපදය සිරියානු විපක්ෂයේ කණ්ඩායම්වලට සිය හමුදා හා යුධ උපකරණ ලබා දෙමින් බසාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව කටයුතු කරයි.

කෙසේ වෙතත් මේ වන විට සිරියාවේ අසාද් පාලනයට වාසිදායක ලෙස තත්වයන් නිර්මාණය කිරීමට රුසියානු පාර්ශවර්ය විශේෂ මැදිහත්වීමක් කළේය.

ඊට අමතරව යුරෝපයේ ස්ථාවරත්වයට බලපාන කරුණු පිළිබදවද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දේ.මෙම සාකච්ඡාවලින් පසුව රුසියානු හමුදා ප්‍රධානී හා පින්ලන්ත හමුදා ප්‍රධානී ජර්මෝ ලින්ග්බර්ග් අතරද වෙනම හමුවී සාකච්ඡා කළ බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.

පසුගිය වසරේ නොවැම්බර් මස රුසියාව හා පින්ලන්තට අතර ආරක්ෂක කටයුතු සම්බන්ධව ඉදිරි පියවරක් තබමින් සෘඡු දුරකතන සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීමට දෙපාර්හ්වය කටයුතු කර තිබේ. එමගින් විශේෂයෙන් බෝල්ටික් මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ දෙපාර්ශවය අතර කෙරෙන නාවික හා සෙසු ආක්ෂක කටයුතු පිළිබදව විනිවිදබාවයකින් යුතුව දෙපාර්ශවය අතර ඉක්මණින් අදහස් හුමවාරු කරගැනීමට අදස් කරයි.

රුසියානු හා පින්ලන්ත හමුදා ප්‍රධානීන් හමුවේදී විශේෂයෙන් යුරෝපයේ ආරක්ෂාව පිළිබදවද අදහස් හුමමාරු කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ.




Related News