தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
රුසියානු ෆේස්බුක් ගිණුම් ගණනාවක් අත්හිටුවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුසියානු ෆේස්බුක් ගිණුම් ගණනාවක් අත්හිටුවයි



රැසියාවට සහාය දෙන ෆේස්බුක් ප්‍රවර්ධන ගිණුම් ගණනාවක් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය ක්‍රියා කර ඇති බව වාර්තාවේ.

ෆේස්බුක් ආයතනය මූලිකවම එක්සත් ජනපදයේ සිටි ක්‍රියාත්මකවන අතර මෙසේ රුසියානු ගිණුම් නවතා දැමීමට ක්‍රියා කර ඇත්තේ ඒවායේ ව්‍යාජ තොරතුරු ඇතිබවට චෝදනා කරමින්ය.

මේ හේතුවෙන් එම ගිණුම් නවතා දැමීමට කටයුතු කළ බව එම ආයතනය පවසා තිබේ.

මෙම පියවර මගින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය වීම් මැඩලීමේ මෙහෙයුම්වල එක් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කර අති බවයි.

ෆේස්බුක් හා වෙනත් සමාජ ජාල සම්බන්ධ කරගනිමින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරනු ලබන බවට රුසියාවට එරෙහිව මෑත කාලයේ විවිධ චෝදනා එ.ජනපදය මුලීකවී එල්ලකර තිබේ.

මෙම තහනම මෑතක සිදුකරනු ලැබූ දැවැන්තම අත්හිටුවීම බවද ෆේස්බුක් ආයතනය පවසා තිබේ.

රැසියාවේ ස්පුට්නික් ප්‍රවෘත්ති සේවයේ නිරතවූවන්ගේ ගිණුම් ගණනාවක්ද මෙසේ නවතා දමා ඇති අතර ෆේස්බුක් ආයතනයට එම ක්‍රියාව සම්බන්ධයෙන් ස්පුට්නික් ආයතනයේ විවේචනය එල්ලවී තිබේ.




Related News