தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
රුහුණු සරසවියේ මර්දනයට එරෙහි වූ සිසුන්ට රාජ්‍ය මර්දනය එල්ල වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුහුණු සරසවියේ මර්දනයට එරෙහි වූ සිසුන්ට රාජ්‍ය මර්දනය එල්ල වෙයි



අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

ඉකුත් බ්‍රහස්පතින්දා සිට රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන විසින් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුව සිදුකරන රුහුණු සරසවිය් මර්දනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අට්ටාලයක් ඉදි කරගෙන අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී. ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ උද්ඝෝෂණය කිරීමේ සහ අදහස් පළකිරීමේ අයිතිය සීමා කෙරෙන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බව මේ හරහා පෙන්නමින් සිටින බවයි.