தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
රුහුණ උපකුලපතිගේ මර්දනකාරී පාලනය ගැන අන්තරෙන් අනාවරණයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුහුණ උපකුලපතිගේ මර්දනකාරී පාලනය ගැන අන්තරෙන් අනාවරණයක්!



සුජීව අමරසේන උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරිය විසින් රුහුණ විශ්වවිද්‍යාලය තුළ ගෙන යනු ලබන මර්දනකාරිත්වය සහ දැඩි අත්තනෝමතික වැඩපිළිවෙළසම්බන්ධව කරුනු දක්වමින් අන්තර් විශ්වවිද්‍යායීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (10) දින මාධ්‍ය සාකච්ඡාවක් කැඳවනු ලැබීය.

ශිෂ්‍ය ප්‍රජාවට එරෙහි කුමන්ත්‍රණකාරී මඩ අවලාද , අනධ්‍යයන සේවකයන්ට පමණක් නොව ආචාර්ය මණ්ඩලයට හිරිහැරදායක හා පළිගැනීම් ස්වරූපයේ මර්දනයක් ගෙනයන සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එහිදී කරුණු අනාවරණය කරණ ලදී,

එහිදී අදහස් දක්වමින් අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටියේ සුජීව අමරසේන උපකුලපතිවරයා ඇතුළු පරිපාලනයේ කුඩා කල්ලියක් විසින් අසත්‍ය සිදුවීම් නිර්මාණය කරමින්, සිසුන්ට එරෙහිව මඩ අවලාද නගමින් විශ්වවිද්‍යාල ප්‍රජාව නිහඬ කර විවිධ මූල්‍ය අක්‍රමිකතා සිදුකරමින් විශ්වවිද්‍යාලය පාලනය කරන බවයි . සිසුන් විශාල පිරිසකට මෙන්ම ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයන්ද මෙලෙස මර්දනය කරනු ලැබූ බවත් ඇතැම් ආචාර්යවරුන් එම දඩුවම් වලට එරෙහිව ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ග වලින් එම දඩුවම් නීති විරෝධී බව ඔප්පු වී ඇතැයි ඔහු සදහන් කර සිටී.එහිදී සුජීව අමරසේන උපකුලපතිවරයාට එරෙහිව අධිකරණ තීන්දු පවා ලැබී ඇත.

එමෙන්ම පසුගිය කාලයේ ආන්දෝලනයකට හේතු වූ වැටමාර සිදුවීම සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් කොන්ඩම් බාල්දි සොයාගැනීමේ සිදුවීම් උපකුලපතිවරයා විසින් නිර්මානය කල සිදුවීම් බවත් ඒ සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් සාක්ෂි සහිතව ඒවා ඔප්පු කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය. මීට අමතරව සමසෞඛ්‍ය විද්‍යා පීඨ ගොඩනැගිල්ල ඉදිකිරිමේදී ලක්ශ 45කට ආසන්න අමුද්‍රව්‍ය ප්‍රමාණයකට අදාලව මූල්‍ය අක්‍රමිකතාවක් සිදිව ඇති බවත්, සේවකයන්ට නිල ඇඳුම් ලබා දීමේදි ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කර ඇති බවත් අන්තරේ කැඳවුම්කරු වැඩිදුරටත් සදහන් කළේය.

එමෙන්ම වෛද්‍ය පීඨයේ ආරක්ශක ඩොනල්ඩ් නම් පුද්ගලයා විසින් එහි සේවයේ නියුතු ආරක්ෂක නිලධාරිනියන්ට ලිංගික බලපෑම් සිදුකිරීමට තැත් කිරීම නිසා නිලධාරිනියන් 06 දෙනෙකු මේ වන විටත් ඉවත්ව ඇත. එසේ වුවත් ඒ පිළිබඳ කිසිදු විනය ක්‍රියාමාර්යක් ගෙන නැත්තේ ඔහු මෙම උපකුලපතිවරයාගේ අවශ්‍යතා ඉටුකරන්නකු නිසා බවද සඳහන් විය.

මෙම ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට වහාම උපකුලපතිවරයාගේ සේවය අත්හිටුවා ස්වාධීන විමර්ශනයක් සිදුකළ යුතු බවත් ඒ සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු තවදුරටත් පැවසීය.