தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
රුහුණ විශ්වවිද්‍යාලයේ මර්දනයට එරෙහිව අන්තරය පාගමනක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුහුණ විශ්වවිද්‍යාලයේ මර්දනයට එරෙහිව අන්තරය පාගමනක!



රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඇතුළු පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම ඇතුලු මර්දනකාරී පාලනයට එරෙහිව විරෝධය දක්වමින්  අන්තර්  විශ්ව විද්‍යාල  ශිෂ්‍ය  බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (16)  උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රය දක්වා පැමිණියේය.
 
කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් ඇරැඹි මෙම පාගමනට සහභාගි වූ දහසක පමණ ශිෂ්‍ය පිරිස පසුව උසස් අධ්‍යාපන අමාත්‍යංශ භූමියේ වාඩිගෙන විරෝධය ප්‍රකාශ කළහ.
ඔවුන්ගේ විරෝධතා සටන්පාඨ මෙසේය.

  • උම්මත්තක උපකුලපති “සුජීව අමරසේන” රුහුණ සරසවිය වනසයි.
  • රුහුණේ මර්දනයට එරෙහිව වීදි බසිව්..!
  • රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ලේකම් ඇතුලු සිසු ක්‍රියාකාරීන්ට ලබා දී ඇති සියලු ශිෂ්‍යභාවය අහෝසි කිරීම් හා නේවාසිකාගාර තහනම් වහා අහෝසි කරනු..!

කෙසේවෙතත් සිසු නියෝජිතයන් 15 දෙනකු  සාකච්ඡාවකට කැඳවීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍යවේදින් හමුවේ සඳහන් කර තිබිණි.