தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
රු. 1000 දෛනික වැටුපක් ඉල්ලා වතු කම්කරුවෝ කොළඹ විරෝධතාවක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රු. 1000 දෛනික වැටුපක් ඉල්ලා වතු කම්කරුවෝ කොළඹ විරෝධතාවක!



දිනයක වැටුප රු. 500කට ආසන්න ලෙස ලබන වතුකම්කරුවන් එම වැටුප රු. 1000ක් කරන ලෙස ඉල්ලා අද(24) කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවක් සංවිධානය කර තිබේ.

තම මුලික වැටුප ඉහළ දමන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් 13 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඊයේ(23) බගවන්තලාවේ සිට කොළඹ දක්වා පාගමනක්  ඇරඹුහ. බගවන්තලාව පොලිස්  වසමට අයත් කොටියාගල තේ කර්මාන්ත ශාලාව  අසලින් ආරම්භ කළ ෙපාගමනේ යෙදෙන වතුකරයේ තරුණයන් පැවසුවේ වතු කම්කරුවකුගේ මුලික වැටුප රු 1200 දක්වා වැඩිවිය යුතු බවයි.

මසකට දින 20කට වඩා සේවය නොකළොත් ඔවුන්ට හිමිවන්නේ පාලකයන් හිතු මනාපෙ දෙන අවම වැටුපකි. රෝගාතුරව වැඩ කළ දින ගණන දින 19ක් වුවද වැඩකළ දිනවල වැටුප රු. 520ක් බවට පත් වේ. දින 20කට වඩා වැඩ කළහොත් පමණක් දිනකට රු. 700ක වැටුපක් ලබා දෙන මෙම පීඩාකාරී රැකියාව ඔවුන්ගේ ජීවිත අදුරට ඇද දමා ඇත.

අද දින ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට තම ඉල්ලීම් ඇතුළත් සංදේශයක් භාර දෙන්නට ඔවුහු අපේක්ෂා කරති.