தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
රු. 5000 දෙන්නෙ සතියකින් වියදම් කරගන්න නෙමෙයි - විමල් වීරවංශ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රු. 5000 දෙන්නෙ සතියකින් වියදම් කරගන්න නෙමෙයි – විමල් වීරවංශ



කොරොනා පැතිරීම හේතුවෙන් වසා දමා ඇති කොළඹ දිස්ත‍්‍රික්කයේ ප්‍රදේශවල ජනතාවට ලබා දුන් රුපියල් පන්දහසක මුදල ලබාදුන්නේ සතියකින් වියදම් කිරීමට නොවන බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ජනතාවට තමන්ට ලැබුණු 5000 සතියෙන් වියදම් කර දැන් මොකුත් නෑ කියන බවද ඔහු පවසා තිබේ. තමන් මේ තොරතුරු පවසන්නේ කොළඹ දිසාපතිවරයාගෙන් විමසීමෙන් පසුව බවද ඇමතිවරයා පවසා ඇත.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂ මන්ත්‍රි මනෝ ගනේෂන් විසින් මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිණි.

මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කොළඹ වසා දමා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති බවත් ඔවුන් දැන් පාරට බැස විරෝධය පළ කරන බවයි.