தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
රු 5000 බෙදීමට මැදිහත් වූ ප්‍රා.සභා මන්ත්‍රීවරයකු ගුටි කා රෝහලේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රු 5000 බෙදීමට මැදිහත් වූ ප්‍රා.සභා මන්ත්‍රීවරයකු ගුටි කා රෝහලේ



රුපියල් පන්දහසේ සහනාධාර මුදල බෙදා දීමට සම්බන්ධ සිද්ධියකදී තුවාල ලද පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රෝහල් ගත කර ඇතැයි පිංවත්ත පොලිසිය පවසයි.

පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් ප්‍රියන්ත මෙලෙස රෝහල් ගත කර ඇත.

පොලීසිය පවසන්නේ ඔහු සහනාධාර මුදල් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ගිය අවස්ථාවේදී පානදුර පිංවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු පහර දී ඇති බවයි.

පහර කෑමෙන් මන්ත්‍රීවරයාගේ මුහුණ සහ අත ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව පොලිසිය පවසයි.

මන්ත්‍රී වරයා පානදුර රෝහලෙ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

පහරදීමට සම්බන්ධ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.