தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
රූපවාහිනිය පවරා ගැනීම ගැන ආරක්ෂක ඇමැතිගෙන් ජනපතිට ලිපියක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රූපවාහිනිය පවරා ගැනීම ගැන ආරක්ෂක ඇමැතිගෙන් ජනපතිට ලිපියක්



ශ්‍රී ලංකා රූපවාහීනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම ගැටළු සහගත තත්ත්වයක් වන අතර එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට තර්ජනයකට ලක්වීමක්යැයි ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා අවම සදාචාරය හෝ ආරක්ෂා කරමින් රූපවාහිනී සංස්ථාවට පවරා ගැනීමට පෙර ඒ බව විෂයභාර අමාත්‍යවරයා හෝ දැනුවත් නොකළ බවද එම ලිපියේ සඳහන්වේ.

ජාතික රූපවාහිනිය දිගින් දිගටම පාඩු ලැබූ බවත් එයට විසඳුමක් ලෙස තමන් කළමනාකරණ වෙනසක් සිදුකිරීමට උත්සාහ කළත් ජනපති මෛත්‍රීපාල සිරිසේන එයට දිගින් දිගටම බාධා කළ බව අමාත්‍ය රුවන් විජයවර්ධන සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කර තිබුණි .

මේ අතර ජාතික රූපවාහිනි සංස්ථාවේ හිටපු නිෂ්පාදකවරයකු වන කැළුම් පාලිත මහිරත්න නව සභාපති ලෙස ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන විසින් පත්කරනු ලැබ ඇතත් ඉනෝකා සත්‍යාංගනී එම පත්කිරීම ප්‍රතික්ෂේප කරමින් සභාපති තනතුරෙහි දිගටම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.