தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
රොනල්ඩෝගේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු කොකාකෝලා සමාගමේ ඩොලර් බිලියන 4ක ඇද වැටීමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රොනල්ඩෝගේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු කොකාකෝලා සමාගමේ ඩොලර් බිලියන 4ක ඇද වැටීමක්!



ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් යුරෝ 2020 පාපන්දු තරගාවලිය සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොකාකෝලා බෝතල් දෙකක් ඉවත් කිරීම ඇමරිකානු කොකාකෝලා කොටස් මිල ඩොලර් බිලියන 4 කින් පහත වැටී ඇත.

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායකයා තමා ඉදිරිපිට කොකාකෝලා සිසිල් බීම බෝතල් දෙකක් දුටු විට ඒවා කැමරා රාමුවෙන් ඉවතින් තබා ඒ වෙනුවට මේසය මත වූ වතුර බෝතලයක් ගෙන පෘතුගීසි භාෂාවෙන් “ජලය!” යැයි පවසා ඇත.

රොනාල්ඩෝගේ මෙම තනි වචනය ප්‍රකාශ කිරීමේ සිදුවීමෙන් පසුව කොකාකෝලා හි කොටස් මිල 1.6% කින් එනම් කොටසක වටිනාකම ඩොලර් 55.22 ක් දක්වා පහත වැටුණි. ඒ හේතුව නිසා කොකාකෝලා ව්‍යාපාරයේ වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 242 සිට ඩොලර් බිලියන 238 දක්වා ඩොලර් බිලියන 4 ක පහත වැටීමක් සිදුව ඇත.

යුරෝ 2020 තරගාවලියේ නිල අනුග්‍රාහකයෙකු වන කොකාකෝලා සමාගමේ ප්‍රකාශකයකු මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් පවසා තිබුනේ “සෑම දෙනාටම ඔවුන්ගේ බීම රුචිකත්වයන්” හා විවිධ රසයන් ඇති බවය.