මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඊයේ (03) රාත්‍රියේ ඉල්ලා අස්වී ඒ වෙනුවට වැඩබලන මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත්‍රියේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දයාසිරි ජයසේකර පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධූරයට පත් කරගනු ලැබීය.