Posted on 05.26.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වරාය හා නාවික කටයුතු ඇමති රෝහිත අබේගුණවර්ධන විසින් සිය ෆේස්බුක් ගිනුමෙන් ඡායාරූප පළ කරමින් X-Press Pearl නෞකාවේ ගින්න නිවා දැමු බව ප්‍රකාශ කර තිබුණද නැවේ පිපිරීම් රාශියක් සිදුව ඇත.
මෙම තත්වය තුළ මෙරට ප්‍රධාන හා ප්රමුඛ නාවික මධ්‍යස්ථානය ආසන්නව සිදුව ඇති මේ නාවික අනතුර හා මහා සමුද්‍ර පාරිසරික විනාශයක් සිදුවීමේ වගකීම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න මතුකර ඇත.
ලංකාවේ සාගර කලාපයේ ඇතිවන අනතුරු සම්බන්ධයෙන් මීට වඩා වගකීම් සහගත මැදිහත්වීම් අවශ්‍ය බව නාවික කටයුතු සම්බන්ධ අත්දැකීම් ඇති පිරිස් මෙන්ම පරිසරවේදීන් කරුණු දක්වා ඇත.
විශේෂයෙන් දින ගණනක් තිස්සේ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේ X-Press Pearl නැව අනතුරක ලකුණු මතුකරමින් දුම් නිකුත් කරමින් පැවති අතර නැවේ ඇති බහලුම්වල අන්තර්ගතය කුමක්ද යන්න හෝ නැව කොළඹ වරාය වෙත පැමිණියේ කුමන කරුණකටද යන කිසිවක් මෙතෙක් හෙළිකර නැත. දේශපාලන බලධාරින් විසින් මෙම වැදගත්කරුණු ජනතාවට අනාවරණය කළ යුතු වුවද තවමත් ආණ්ඩුවේ බලධාරින් ඒ ගැන වගකීම් සහගත ප්‍රකාශයක් සිදුකර නැත. වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මාධ්‍ය වෙත වීඩියෝ දර්ශන හා ඡායාරූප මුදා හරිමින් “තමන් මැදිහත් වී ඉක්මනින් පියවර ගැනීම නිසා ගින්න නිවා දමන්නට සමත් වූ බව” ඒත්තු ගන්වමින් දේශපාලන වාසි ලබාගැනීමේ මාධ්‍ය සංදර්ශන දැක්වීම විවේචනයට ලක්ව ඇත.
අනතුරට පත් වූ සිංගප්පූරුවේ ලියාපදිංචි කළ මෙම නැව සම්බන්ධ අප කළ සොයාබැලීමකදී පහත කරුණු අනාවරණය විය.
X-Press Pearl නමැති මෙම නෞකාව මීටර් 186ක් දිගැති මෙම වසරේ නිෂ්පාදිත නවීන තාක්ෂණය සහිත නෞකාවකි. මැයි 15 ඉන්දියාවේ හසීරා වරායෙන් නික්ම කොළඹ වරායට ආසන්න වයඹ දිගින් නාවික සැතපුම් 9.5(17.6 km) දුරකදී ගිනිගැනීමට ලක් විය.
ඒ වනවිට මෙම නැවේ විෂ සහිත නයිට්‍රික් අම්ලය ටොන් 25ක් සහිත ක්නටේනර් 1486ක් ඇතුලු නිවේදනය නොකළ රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහ සුවඳවිලවුන් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබුණු බව අනාවරණය වී ඇත. නිවාක කාර්ය මණ්ඩලය 25ක් සිටි මෙම නෞකාවේ ගින්න හටගැනීමට හේතුව මෙවැනි ගිනිගන්නා සුලු ද්‍රව්‍ය ප්‍රවාහනයේදී පිලිපැදිය යුතු මූලික ආරක්ෂක පියවර නොගෙන තිබී බවට සැක මතුව ඇත.
මැයි 21 වැනිදා වනවිට ගින්න නිවා දැමු බවට වරාය ඇමතිවරයා ප්‍රකාශ කළද ගින්න හටගෙන දින 5කින් පිපිරීමක් සිදුවීමෙන් නැවේ සමස්ත කාර්ය මණ්ඩලය නාවික හමුදාව විසින් මුදා ගන්න ලදී.
මෙම නෞකාව මැලේසියාවේ ක්ලැං වරායටද ඉන්පසුව කටාර් සහ ඩුබායි වෙතද ගමන් කිරීමට නියමිතව තිබී ඇත.
කෙසේවෙතත් මේ වනවිට කොළඹ ආසන්න ධීවර කටයුතු බහුල සහ ජනාකීර්ණ වෙරළ තීරයට විශාල වශයෙන් හානි සිදුව ඇති අතර මෙවැනි අනතුරක් සම්බන්ධ පූර්ව විනිශ්චයක් හෝ අවදානම පිළිබඳ අදහසක් පැවතියේ නම් ගින්න නිවා දැමු බවට මාධ්‍ය සංදර්ශන සිදුකරනවාට වඩා වගකීමෙන් මැදිහත්වීමත් අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාගෙන කටයුතු කිරීම සිදු විය යුතුව තිබූ බව මේ සිදුවීම සම්බන්ධ කරුණු දක්වන විෂය අවබෝධය සහිත බොහෝ දෙනා සටහන්කර ඇත.
මේ වනවිට ඉන්දිය ගිනි නිවීමේ හා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ වෙරළාරක්ෂක යාත්‍රාවක් ලබාදී ඇති නමුත් දැනටමත් සිදුව ඇති විනාශය මෙරට ධීවර ජනයාට මෙන්ම වෙරළ තීරයට පිවිසෙන සාමාන්‍ය ජනයාට මහත් ප්‍රතිවිපාක ති කරනු ඇති බව නිසැකය.