தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
'රෝ' චෝදනා සම්බන්ධව අප පළ කළ වාර්තාව සත්‍යයි - හින්දු පුවත්පත | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘රෝ’ චෝදනා සම්බන්ධව අප පළ කළ වාර්තාව සත්‍යයි – හින්දු පුවත්පත



ඉන්දියාවේ The Hindu පුවත්පත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ‘රෝ සංවිධානය’ තමන් ඝාතනයට උත්සාහ කරන බවට කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බවට පළ කළ වාර්තාව වෙනුවෙන් පෙනී සිටින බව එම පුවත්පත් සමාගමේ සභාපති එන්. රාම් සඳහන් කරයි.

හින්දු පුවත්පතේ හිටපු කර්ර්තෘවරයකුද වන ඔහු පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ තම වාර්තාකරිනිය, මීරා ශ්‍රීනිවාසන් සහ ඇය වාර්තා කරන ලද පුවත වෙනුවෙන් පෙනි සිටින බව එන්. රාම් මහතා එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.

එන්. රාම්ගේ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් වේ. “අපේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය තම පුවත වාර්තා කිරීමට පෙර ස්වාධීන තොරතුරු මූලාශ්‍ර කිහිපයකින්ම තමන් ලද තොරතුරු තහවුරු කරගෙන තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම් කරන්නට ඉඩ දෙන්න.  කරන ප්‍රකාශ නිසා දැන් පණුවෝ වගේ ඇඹරෙනවා. එහෙත් අපි අපේ  වාර්තාකාරිනිය කරුණු සොයා බලා වාර්තා කරන ලද අතිශයින්ම නිවැරැදි පුවත වෙනුවෙන් පෙනි සිටිනවා”.

ඉන්දියාවේ ඉන්දීය රෝ ඔත්තු සේවය (RAW‘පර්යේෂණ හා විශ්ලේෂණ අංශය) තමන් ඝාතනය කිරීමට උත්සාහ කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා (16) පැවැති කැබිනට් හමුවේදී පැවැසූ බව සඳහන් කරමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි. පසුව කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී එවැනි ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නොපැවසූ බවට සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පැවසූ අවස්ථාවේදී හින්දු මාධ්‍යවේදිනිය, ප්‍රතිචාර දක්වමින් ‘ඔබ කියන්නේ කැබිනට් ඇමතිවරු බොරු කියන බවද?’ යනුවෙන් විමසා සිටියාය. තමන් හින්දු පුවත වාර්තා කළේ එම කැබිනට් රැස්වීමේ සිටි ඇමතිවරු 4 දෙනකුගෙන්ම කරුණු තහවුරු කරගෙන බවද ඇය අවධාරනය කළාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එවැන්නක් ප්‍රකාශ නොකළ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය වහාම නිවේදනයක් නිකුත් කළ අතර මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාර්යලය එම ප්‍රතිචාරය ඉක්මනින් ලබාදීම ගැන අගය කළේය.