தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ලංකාගේ 'මහසෝනා' කාන් සිනමා උලෙලට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාගේ ‘මහසෝනා’ කාන් සිනමා උලෙලට!



ලංකා බණ්ඩාරනායකගේ ‘මහසෝනා’ කෙටි චිත්‍රපටය පැවැත්වෙන ප්‍රංශයේ ‘කාන්’ (Cannes) ජාත්‍යන්තර සිනමා උළෙලේ ප්‍රදර්ශනයට තොරාගෙන ඇත.

2021 වසර සඳහා එම සිනමා උළෙල එළඹෙන ජූලි 6 සිට 17 දක්වා දකුණු දිග ප්‍රංශයේ Cannes නගරයේදී පැවැත්වෙනු ඇත.

මිනිත්තු 9ක කාලයක් දිවෙන ‘මහසෝනා’ කෙටි චිත්‍රපටය තෝරා ගනු ලැබ ඇති බව සිනමා උලෙලේ වෙබ් අඩවිය නිවේදනය කරයි.

එම සිනමා උලෙලේ ‘කාන් සිනමා මුල්ල'(Cannes Corner) නමැති අරුතින් යුතු තරගකාරී නොවන චිත්‍රපට අංශය ලොව පුරා තරුණ සිනමා ශිල්පීන්ගේ නිර්මාණ ඇගයීමට හා ඔවුන්ගේ සිනමා කුසලතා සංවර්ධනය වෙනුවෙන් විශේෂයෙන් සංවිධානය කෙරෙයි.