தமிழ்
English
Contact
Friday 16th April 2021    
ලංකාවට එරෙහිව සම අනුග්‍රාහකත්ව රටවල යෝජනාව හෙට මානව හිමිකම් කොමිසමට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවට එරෙහිව සම අනුග්‍රාහකත්ව රටවල යෝජනාව හෙට මානව හිමිකම් කොමිසමට



බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ කැනඩාව එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාව හෙට දිනයේ ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත භාරදීමට නියමිතයි.

ඊට අදාළ ඡන්ද විමසීම මාර්තු 19 වනදා සිදුකිරීමට නියමිත බවයි වාර්තා වේ.

මෙම යෝජනාවේ පිටපතක් මේ වනවිටත් විදේශ අමාත්‍යාංශය වෙත ලැබී ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් ඇතැම් කරුණු මෙම සම අනුග්‍රාහකත්ව යෝජනාවේ අන්තර්ගත නොවන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටවල් 193 ක් අතරින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඡන්ද බලය හිමිවන්නේ රටවල් 47 කට පමණි.

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ඉදිරිපත් කළ යෝජනාවේදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබාගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඉන්දියාව පිළිබඳවද දැඩි විශ්වාසයකින් පසුවන බව විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. නමුත් ඉන්දියාව සහ ජපානය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව වාර්තා වේ,

මේ වනවිටත් රටවල් 21 ක් මෙරටට සහය පළ කරමින් අදහස් දක්වා ඇත.