தமிழ்
English
Contact
Thursday 21st March 2019    
ලංකාවට යළිත් පරාජයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවට යළිත් පරාජයක්!



සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ඩර්බන්හිදී අද (10 වැනිදා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 332 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකාව ඕවර 10 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 45 ක් රැස්කිරීමට සමත්විය. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 11 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 5 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 35 ක් තුල පිටියෙන් ඉවත් කිරීමට කගීසෝ රබාඩ සහ ලුන්ගි න්ගිඩි සමත්වූහ. නිරෝෂන් දික්වැල්ල ලකුණු 2 කට පිටියෙන් ඉවත් කිරීමට කගීසෝ රබාඩගේ සමත්වූ අතර ලුන්ගි න්ගිඩි පන්දුවක් හමුවේ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 23 කට දැවී ගියේය.