Posted on 12.05.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර, මර්ගාසාර් සත්වෝද්යාේනයේ මහත් පීඩාවන් මැද හුදකාලව රඳවනු ලැබ සිටි ‘කාවන්’ නම් ඇතා, කාම්බෝජයේ සත්ව අභයභූමියක් වෙත ගෙන යාමට එරට අධිකරණයෙන් අවසර දී තිබේ.
වසර 35කට පෙර එනම් 1985 ජේ.ආර්.ජයවර්ධන පාලනය විසින් කාවන් ඇත් පැටවා පාකිස්තානයට රාජ්යා තාන්ත්‍රි3ක සුහදතාව වෙනුවෙන් පරිත්යාගග කළ ද තරුණ කාලයවන විට සත්වයාගේ ලිංගික පරිණතියට සම්බන්ධ ප්රඉචණ්ඩ හැසිරීම් සම්බන්ධ අවධානය යොමු විය. 1990 වසරේ ලංකාවෙන් යවනු ලැබූ කෙරුණු ‘සහේලි’ නම් ඇතින්න නිසා එම ගැටලුව විසඳන්නට හැකි වුවද පාකිස්තානයේ දේශගුණික තත්වය යමන්ම සත්ව උද්‍යාන පරිසරයේ ගැටලු සහ නොසැලකිලිමත්කම හේතුවෙන් ඇය 2012 මිය ගියාය. මියගිය ඇතින්න ආරක්ෂා කරමින් කාවන් රැඳී සිටින ඡායාරූප ලොව සත්වලෝලීන්ගේ මහත් අවධානයට ලක්විය. ඉන්පසුව කාවන් ඇතා දීර්ඝ කාලයක් හුදෙකලාව මහත් පීඩාවකින් වාසය කරද්දී ලොව පුරා සත්ව අයිතින් වෙනුවෙන් හඬ නැගූවන්ගේ අවධානයට ලක් විය.
සත්ව හිමිකම් ක්‍රියාකාරිනියක සහ ඇමරිකානු පොප් ගායිකා චෙරිලින් සාකීෂියන් මෙන්ම Four Paws සංවිධානයේ සංවිධානයේ සත්ව වෛද්‍ය අමීර් කලීල් ඇතුළු සාමාජිකයන් විසින් මෙම ඇතා මුදාගැනීම වෙනුවෙන් සක්‍රිය වැඩපිළිවෙළක් ගෙන යන ලදී.
2016 වසරේ පටන් ඇතිවූ මෙම නිදහස් කිරීමේ උත්සාහය පසුව පාකිස්තාන අධිකරණයේ නඩුවක් පැවරීම දක්වා ඉදිරියට ඇදුණි. ජාත්‍යන්තර අවධානය සහ පාකිස්තානයේ සතුන් ආරක්ෂා කිරීමේ නීති නිසා අධිකරණයෙන් මෙම ඇතා සුදුසු පරිසරයක ආරක්ෂාව ඇතිව ජීවත්වීමට පහසුකම් සැලසිය යුතුය යන තීන්දුවක් ලබා දී ඇත. එපමණක් නොව, සතුන්ට ප්රිමාණවත් පහසුකම් නැතිව පවත්වාගෙන යන පාකිස්තානයේ මර්ගසාර් සත්වෝද්යාදනය වසා දැමීමටද එම අධිකරණ නියෝගයෙන් තීන්දුකර ඇත.