தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ලංකාවේ අගමැති අතින් කාලා හරක් බලන්න ගිහින්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ අගමැති අතින් කාලා හරක් බලන්න ගිහින්!



අගමැති මහින්ද රාජපක්ෂ සහභාගි වීමට ගිය ඉතාලි සමුළුව රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සංවිධානය කළ වාර්ෂික රැස්වීමක් බවද ඒ සඳහා වෙනත් කිසිදු රාජ්‍ය නායකයකු සහභාගි නොවූ බවද වාර්තා වේ.

ඊයේ(2) ආරම්භ වූ මෙම සමුළුව සාමාන්‍යයෙන් වාර්ෂිකව ආගමික නියෝජිතයන් සහභාගිවන රැස්වීමක් වන අතර මෙවර එය ඉතාලියේ පැවැත්වීම නිසා වතිකානුවේ පාප් වහන්සේ සහභාගි වේ යැයි අනුමාන කරමින් අගමැතිවරයා ඊට සහභාගි වී ඇතැතයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

කෙසේවෙතත් මෙම රැස්වීමට පාප් වහන්සේ සහභාගි වී නැති අතර ලිඛිතව එවන ලද සුබපැතුම් පණිවිඩයක් කියවා ඇත.

අගමැති මාධ්‍ය ඒකකය ප්‍රචාරය කළ ආකාරයට මෙම රැස්වීමේ ‘ආරම්භක ප්‍රධාන දේශනය පැවැත්වීමට’ අගමැති මහින්ද රාජපක්ෂ වෙත අවස්ථාව ලැබී නැති නමුත් අවස්තාව හිමිව ඇත්තේ සාමාන්‍ය කතාවකටය. යුරෝපා සංගමයේ ප්‍රධානියා ආරම්භක මුඛ්‍ය දේශනය පවත්වා තිබේ.

රටේ මහජන මුදල් සහ කාලය වැය කරමින් පවුලේ සාමාජිකයන් පිරිසක් මෙන්ම විදේශ ඇමති ඇතුලු නිලධාරින් සමග අගමැති මහින්ද රාජපක්ෂ ගිය ඉතාලි සංචාරය ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ විවේචන හා උපහාසයන් පළ වෙමින් තිබේ. නිශ්පල ක්‍රියාවකට අධික ලෙස වියදම් කිරීමකදී ගැමි වහරේ එන කියමනක් ලෙස ‘අතින් කාලා හරක් බලනවා’ වැනි කාර්යයක් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් සිදුකර ඇති බව ඒවැනි ඇතැම් අයගේ අදහස වී ඇත.