தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
ලංකාවේ කොරෝනා අසාදිත 11 වැනි මරණය වාර්තා වේ - මුලු ආසාදිතයන් 1633යි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ කොරෝනා අසාදිත 11 වැනි මරණය වාර්තා වේ – මුලු ආසාදිතයන් 1633යි



ලංකාවේ කොරෝනා අසාදිතවීම නිසා සිදුවූ 11 වැනි මරණය අද (01) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මිය ගිය පුද්ගලයා කුවේට් සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර බලමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ රාත්‍රිය වනවිට ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගැනීමත් සමග ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1633 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒසේ හඳුනාගත් ආසාදිතයන්ගෙන් 9 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි. අනෙක් ආසාදිතයින් 4 දෙනා නාවික හමුදා සාමාජිකයන්ය.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 822 ක් වන අතර 801 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.