தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
ලංකාවේ කොරෝනා පරාජය කිරීමට දෙන්න යන එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ කොරෝනා පරාජය කිරීමට දෙන්න යන එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ!



කොවිඩ් මර්දනය කිරීමේ අරමුණින් ආණ්ඩුව විසින් මෙරට ජනගහනයෙන් 20%කට අනිවාර්යයෙන් තබාදිය යුතු බවට පවසන එන්නත තවමත් පර්යේෂන මට්ටමේ පවතින්නක් බව අනාවරණය වේ.

මේ බව හෙළිවන්නේ ‘ලංකාසර’ පුවත් වෙබ් අඩවියේ මාධ්‍යවේදී චාමින්ද වාරියගොඩ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ සමග කළ සංවාදයකී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ ලංකාසරට කළ විශේෂ පැහැදිලි කිරීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකා නේවාසික නියෝජිතවරිය පවසා ඇති අන්දමට මෙම එන්නත් තවම පර්යේෂණ මට්ටමේ පවතින නිසා ඒවාගේ සාර්ථකත්වය ගැන කිසිවක් කීමට තවමත් කාලය පැමිණ නැත. නිශ්චිතවම එන්නත් 200ක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට ලක්ව තිබෙන නමුත් එයින් පර්යේෂණාත්මකව ඉදිරියට පැමිණ ඇති එන්නත් වර්ග 10ක් සම්බන්ධ විශේෂ පර්යේෂණ සිදුවන බව ඇය පවසා ඇත. එහෙත් මේ කුමන එන්නත වුවද අවසන් වශයෙන් පර්යේෂනාත්මකව තහවුරු කිරීමට 2021 වසරේ මැදභාගයවත් වනු ඇති බව වෛද්‍ය  රාසියා නාරායන් පෙන්ඩ්සේ පවසයි. කෙසේවෙතත්, ඇය පෙන්වා දෙන්නේ එවැන්නක් රෝගීන් වෙනුවෙන් නිකුත් කිරීමට යන කාලය සම්බන්ධ තවමත් නිශ්චිත නැති බවයි.

මේ අනුව, ආණ්ඩුව විසින් ඇනවුම් කරන බවට දේශපාලන වාසි පිණිස ප්‍රචාරය කරන එන්නතක් තවම ලෝකයේ කිසිදු පර්යේෂනයකින් තහවුරුකර රෝගීන්ට සුදුසු යැයි නිර්දේශකර නැත.කොවිඩ්19 වෛසරයෙන් ආරක්ෂාව සඳහා වන එන්නත ලංකාවේ ජනගහණයෙන් සියයට 20කට ලබා දීම පිළිබඳ ව පසුගියදා සාකච්ඡාවක් පැවති බවත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චිත්  රාජ්‍ය අමත්‍ය මහාචාර්ය චන්න ජයසුමනත් ඇතුළු සෞඛ්‍ය බලධාරීනුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතයනුත් ඊට සහභාගී වූ බවටත් මේ පුවතක් ප්‍රචාරය කෙරිණි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ ලංකාසර වෙබ් අඩවියට පවසා ඇත්තේ එම සාකච්ඡාව හුදු පවතින වසංගත තත්වයෙන් ආරක්ෂා වීමේ සම්භාවිතව සම්බන්ධව කෙරුනු සාකච්ඡාවක් බවය.එම සාකච්ඡාව පහත සබඳතාවයෙන්

lankasara.com