Posted on 12.07.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නේපාලයේ කත්මණ්ඩුහි පැවත්වෙන 13 දකුණු ආසියානු ක්රිඩා උළෙලේ මළල ක්රිඩා ඉසව්වල ඉන්දියාව අභිබවා සමත්කම් දැක්වීමට ලාංකික ක්රීඩක ක්රීඩිකාවෝ සමත් වූහ.
අද(7) දිනය වනවිට ලංකාව මළල ක්රිඩා ඉසව්වල රන් පදක්කම් 15ක් දිනා ගැනීමට සමත් වු මේ දක්වා ඉන්දියාව මළල ක්රිඩා ඉසව්වල හිමිකරගනෙ ඇත්තේ රන්පදක්කම් 13ක් පමණි.
ඒ අනුව වසර 28කට පසුව ශ්රි ලංකාව දකුණු ආසියානු ක්රිඩා උළෙලෙක මළල ක්රිඩා ඉසව්වලදී ඉන්දියාව අභිබවා ගොස් තිබේ. අද දිනයේ පමණක් ලංකාවේ ජවාධිකයන් විසින් රන් පදක්කම් 5ක් ජයග්රහණයකර තිබේ
අද උදෑසන පැවති කාන්තා මැරතන් ඉසව්ව පැය 02ය් මිනිත්තු 41යි තප්පර 24කින් නිමකළ හිරුණි විජේරත්න තමන් සහභාගී වු පළමු දකුණු අසියානු ක්රිඩා උළෙලේදීම එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තාය.