தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
ලංකාවේ ඩොලර් සුරැකුම්පත්වල අගය සීඝ්‍ර ලෙස පහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ ඩොලර් සුරැකුම්පත්වල අගය සීඝ්‍ර ලෙස පහළට



ශ්‍රී ලංකාවේ ඩොලර් සුරැකුම්පත්වල අගය සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව වාර්තා වේ. මූඩී’ස් ආයෝජක සේවය (Moody’s Investors Service) විසින් පසුගිය සැප්තැම්බර් අගදී ශ්‍රී ලංකාව ‘ඉහළ’ ණය අවදානමක් සහිත රටක සිට ‘ඉතා ඉහළ’ ණය අවදානමක් සහිත රටක් දක්වා තත්ත්වයෙන් පහත හෙලීම මේ සඳහා හේතුවී තිබේ.

ඒ අනුව  ශ්‍රී ලංකාවේ ඩොලර් සුරැකුම්පත් වල අගය සැප්තැම්බරයේ දී 15.5% කින් ද, ඔක්තෝම්බරයේ දී 20% කින් ද ලෙස, දෙමසක් තුළ දී 35.5% කින් පහත වැටීමට හේතු වී බව බ්ලූම්බර්ග් බාර්ක්ලේස් ගෝලීය බැදුම්කර දර්ශකය විසින් පෙන්වා දී තිබේ.

මෙහිදී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්නුම් කර සිටියේ, ලංකාවේ පුළුල් අයවැය හිඟයත්, මන්දගාමී ආර්ථික ප්‍රතිසංස්කරණ තත්ත්වයත් මත, ඉදිරි වසර කිහිපය තුළ ගෙවීමට ඇති විදෙස් ණය වාරික ගෙවීම් සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව සතු සුරක්‍ෂිත නැතිනම් ස්ථීරසාර ආදායම් ප්‍රභවයන්ගේ සීමිත භාවය නිසා, ගෙන ඇති ණය පොලී ගෙවීම සඳහා පවා නැවත ණය ලබා ගැනීමට සිදු වීමේ අර්බූධකාරී තත්වයකට ලක් වනු ඇති බවයි.