தமிழ்
English
Contact
Monday 22nd April 2019    
ලංකාවේ නැවත නැවතත් බන්ධනාගාර ගතවන දරුවන් 608ක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ නැවත නැවතත් බන්ධනාගාර ගතවන දරුවන් 608ක්!



මේවනවිට ලංකාවේ නැවත නැවතත් අපරාධ සඳහා බධනාගාර ගතවූ දරුවන් 608 දෙනෙක් සිටින බව පොලිස් අපරාධ තොරතුරු අංශය අනාවරණය කර තිබේ. මේ දරුවන් අතරින් ඇතැම් අය පාසල් දරුවන් වේ. ගැහැණු දරුවන් 13 දෙනෙකු පමණද මේ අතර සිටින බවද වාර්තා වේ.

අපරාධ වැළක්වීමේ පනත අනුව නැවත නැවත බන්ධනාගාර ගතවන අයවලුන්ගේ ලැයිස්තුවක් පිළිබඳ අනාවරණය කරමින් පොලීසිය මේ බව සඳහන් කර ඇත. මෙම ලැයිස්තුවට අයත් දරුවන් මිනීමැරීම්, මංකොල්ල කෑම්, පහර කෑම් සහ ලිංගික අපයෝජනවල වැනි ආරාධවල යෙදුනවුන් බව පොලිසිය පවසයි.

සෑම වසරකදීම දරුවන් 100 දෙනෙකු පමණ මෙම ලැයිස්තුවට එකතු වෙන බව පැවසේ. මෙම දරුවන් වයස අවුරුදු 11හ 20ත් අතර වූවන් වේ. සොරකම් කිරීමේ චෝදනා ලද දරුවන් බහුලව සොරාගත් දේ අතරට බයිසිකල්, ලැප්ටොප් පරිගණක, පරිගණක , ජංගම දුරකථන, සුරතල් සතුන් ආදිය අයත් වේ.