தமிழ்
English
Contact
Friday 16th April 2021    
ලංකාවේ මානව හිමිකම් ගැටලු ගැන යෝජනාවට ඡන්ද විමසීම හෙට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ මානව හිමිකම් ගැටලු ගැන යෝජනාවට ඡන්ද විමසීම හෙට!



(TopNews) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ලංකාවේ මානව හිමිකම් වාර්තා පදනම් කකරගෙන ඉදිරිපත් කළ නව යෝජනාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම හෙට (23) සිදුවන්නට නියමිතය.

ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය , මොන්ටිනීග්‍රෝ ,මැසිඩෝනියාව , මලාවි යන ඇතුළු රටවල් හයක් ඒකාබද්ධව, 46/1 නමැති මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි. ජිනීවා වේලාවෙන් පෙරවරු 9.00 ට ලංකා වේලාවෙන් අද පස්වරු 1.00ට පමණ පැවැත්වෙන්නට නියමිත වූ මෙම ඡන්ද විමසීම, කල් තැබීමට එම කවුන්සිලය තීරණය කර ඇති බව ජීනිවා වාර්තා සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා කිහිපයක්ම අද කවුන්සාල සැසියේ සභාගත කළද න්‍යාය පත්‍රයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඡන්ද විමසීම දිනකින් කල් දමා ඇත.