தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ලංකාවේ මානව හිමිකම් 'ප්‍රගති වාර්තාව' හෙට අනාවරණය කෙරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ මානව හිමිකම් ‘ප්‍රගති වාර්තාව’ හෙට අනාවරණය කෙරේ!



ස්විට්සර්ලන්තයේ ජිනීවාහි මූලස්ථානයේදී හෙට (13) ආරම්භ කෙරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරයේදී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව මානව හිමිකම් සුරැකීම පිළිබද ප්‍රගතිය වාර්තා කෙරෙරනු ඇත.

ලංකා වේලාවෙන් පස්වරු 2.00ට නියමිත මෙම සැසිවාරයේ ආරම්භයේදීම ලංකාව ඇතුලු රටවල් කිහිපයක මානා හිමිකම් තත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ විසින් වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත ය. 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කර ගත් ශ්‍රී ලංකාවේ සංහිදියාව හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබද යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබද කවුන්සිලයේ සාමාජික රටවල් 47 ට ඉදිරිපත් කෙරෙනු ඇත.

ඉන්පසුව, ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියගේ එම වාර්තාව සම්බන්ධයෙන් වන විවාදය පසුදින (14) දිනයේදී පැවත්වීමට නියමිතය.
එහිදී කවුන්සිලයේ සාමාජික රටවල් නිත්‍ය නියෝජිතවරුන්, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට්ස් වොච් ආදී ජාත්‍යන්තර සිවිල් සංවිධාන අදහස් දැක්වීමට නියමිත අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජීනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතය ලෙස වත්මන් ආණ්ඩුව විසින් පත්කර යැවූ සී.ඒ. චන්ද්‍රප්‍රේම අදහස් දැක්වීමට නියමිතය.

ලංකාවට අමතරව අද දින ඇෆ්ගනිස්ථානය, නිකරගුවාව , ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපයේ, මියන්මාරය , සහ යේමනය මානව හිමිකම් තත්ත්වය පිළිබඳව මහකොමසාරිස්වරියගේ වාචික වාර්තා ද මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ප්‍රමුඛ මානව හිමිකම් සමුළුවට සමාන්තරව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙමින් පවතින මානව හිමිකම් තත්ත්වය පිළිබඳව දැඩිව කටයුතු කළ යුතු බවය. දිගින් දිගටම ලංකාවේ ආණ්ඩුව විසින් ගනු ලබන ස්වාධීන රාජ්‍ය ආයතන දුර්වල කිරීමේ පියවර, සිවිල් පාලනයේ බිදවැටීම්, නීතියේ අධිපත්‍යයට සිදුවන බාධා කිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම සංවිධානය පවසන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සපුරාලීම සඳහා ලංකා ආණ්ඩුවට බලපෑම් කිරීමට මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුතු බවය.