தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ලංකාවේ වැඩිම වයසින් විභාගයකට ලියු අපේක්ෂිකාව නාවලපිටියෙන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ වැඩිම වයසින් විභාගයකට ලියු අපේක්ෂිකාව නාවලපිටියෙන්



ලංකාවේ වැඩිම වයසින් ඉදිරිපත් වූ විභාග අපේක්ෂිකාව ලෙස වාර්තා තබමින් නාවලපිටියේ 95 හැවිරිදි කාන්තාවක් විභාගයකට මුහුණ දී තිබේ.

ලීලාවතී ඇස්ලින් ධර්මරත්න වන ඇය මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී මේ අකාරයෙන් පිළිතුරු ලියා ඇත්තේ ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා උපාධි විභාගයටය.
ඉංග්‍රීසි ගුරුවරියක ලෙස කටයුතු කර විශ්‍රාම ගැනීමෙන් පසුව ඇය නොතාරිස්වරියක ලෙසද කටයුතු කර ඇත.
මෙම විභාගයෙන් ඇය සමත් වුවහොත් තමන් කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියට පෙනී සිටීමටද ඇය සුදුසුකම් ලබන අතර ඒ සඳහා ඇය සූදානම්ව සිටී.