தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ලංකාවේ වෛරී ප්‍රකාශනවලට ප්‍රතිචාර නොදැක්වීම ගැන facebook සමාව ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ වෛරී ප්‍රකාශනවලට ප්‍රතිචාර නොදැක්වීම ගැන facebook සමාව ඉල්ලයි



ශ්‍රී ලංකාවේ 2018 වසරේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී වාතාවරණය අවස්ථාවේ facebook ගිණුම්වල පළවූ වෛරී ප්‍රකාශනවලට අවම ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් facebook සමාගම සමාව ඉල්ලා තිබේ. එම සමාගම සිදුකළ සමීක්ෂණයකට අනුව එම අවම ප්‍රතිචාරය රට තුළ ප්‍රචණ්ඩකාරිත්වයට සහයක් වී ඇත.

2018 වසරේ සිංහල-බෞද්ධ පිරිසකගේ ආහාරවලට මුස්ලිම් ආපනශාලාවක් “වඳ පෙති” මිශ්‍ර කළ බව සඳහන් ව්‍යාජ තොරතුරු අඩංගු වීඩියෝවක් facebook හරහා සංසරණය වීම ලංකාව තුළ නොසන්සුන්තාවයට හා ශාරීරික හානිවලට හේතු වන්නට ඇති බව එම වාර්තාව පෙන්වා දී ඇත.

ලංකාවට අමතරව ඉන්දුනීසියාවේ සහ කාම්බෝජයේ මානව හිමිකම් කඩවීම්වලට සිදුවූ බලපෑම් සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණවලට අදාළ සොයා ගැනීම් ද facebook සමාගම හෙළිකර ඇත.

මෙම තත්ත්වය මග හරවා ගැනීම සඳහා දේශීය භාෂා කුසලතා ඇති උපපරිපාලකවරු බඳවා ගැනීම, වෛරී කථනයේ සලකුණු ස්වයංක්‍රීයව හඳුනාගන්නා තාක්‍ෂණයක් ක්‍රියාත්මක කිරීම, අසභ්‍ය අන්තර්ගතයන් පැතිරීම වළක්වා ගැනීම සහ සිවිල් සමාජ කණ්ඩායම් සමඟ සබඳතා ශක්තිමත් කිරීමට උත්සාහ කිරීම වැනි විසඳුම් facebook සමාගම යෝජනා කර සිටියි.

මෙම වාර්තාවේ දශකයකට ආසන්න කාලයක් පුරා තම සමාජ ජාලය අනිසි ලෙස භාවිතා වූ අවස්ථාවලදී facebook සමාගම ඒවාට ප්‍රතිචාර දැක්වීමේ අපෝසත් භාවය ගැන කරුණු අඩංගු වේ.

මානව හිමිකම් පිළිබඳ facebook සමාගමේ දුර්වල ප්‍රතිචාරය වසර ගණනාවක් තිස්සේ සමාගමට කළු පැල්ලමක් එක්කර ඇත.

facebook සමාගම මේ ආකාරයට සමාව අයැද සිටි ප්‍රථම අවස්ථාව නොවන අතර 2018 වසරේ මියන්මාරයේ සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් facebook සමාගමට චෝදනා එල්ල විය.